ඩ්‍රීම්ෆෝල් චැප්ටර්ස් | පරිගණක ක්‍රීඩාව

දිගුකලක් කෝමා තත්වයකින් අවදි වන තරුණියක් විවිධ ගැටළුවලට මුහුණ දෙමින් මිනිසුන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන ආකාරය මෙම ක්‍රීඩාවේ කතා තේමාව ලෙස යොදාගෙන ඇත. වර්ෂ 1996 සිට නිකුත් කරන පරිගණක ක්‍රීඩා මාලාවක තුන් වැනි මෙන්ම නවතම පරිගණක ක්‍රීඩාව වන මෙහි ප්‍රධාන චරිතය වන්නේ ෂූ කැස්ටිලෝ නම් තරුණියකි. මීට පෙර නිකුත් කල ඩ්‍රීම්ෆෝල් චැප්ටර්ස් ක්‍රීඩා සංස්කරණය ආරම්භ වන්නේ ඇය සිටින එම කෝමා තත්වයෙන් අවදිවීමත් සම‍ගය.

වර්ෂ 2230 බිහි වෙතැයි සිතන ලෝකයේ ඇසුරු කර නිර්මාණය කළ විද්‍යා ප්‍රබන්ධ කතාවක් පාදක කරගෙන මෙම පරිගණක ක්‍රීඩාව නිර්මාණය කර තිබේ. මෙහිදී පරිගණක ක්‍රීඩකයාට මෙහෙයවීමට ලැබෙන්නේ ෂූ කැස්ටිලෝ නම් වූ තරුණියයි. කෝමා තත්වයෙන් මිදුනු පසු ඇගේ අතීත මතකය සම්පූර්ණයෙන්ම නැතිව ගොසිනි.තමාගේ මතකය නැවත ලබා ගැනීමට දරන උත්සහයත් මිනිසුන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන ආකාරයත් මෙම පරිගණක ක්‍රීඩාවෙන් පෙන්වයි.

එකිනෙකට තරමක් වෙනස් නමුත් මිනිසුන්ට වාසය කල හැකි ග්‍රහ ලෝක දෙකක් තිබේ. ඉන් එකක් ස්ටාර්ක් නමින් හදුන්වයි. මෙහිදී එය හදුන්වන්නේ අනාගත පෘථීවිය ලෙසිනි. මෙහි මිනිස්සු බිලියන ගණනක් ජීවත් වෙති. අති නවීන තාක්ෂණය හරහා සියලු දේ ක්‍රියාත්මක වේ. අනෙක් ග්‍රහ ලොව හදුන්වන්නේ ආකේඩියා ලෙසය. එහි ජීවත් වන්නේ අෂාඩ් නමින් හදුන්වන මායාවරුන් වැනි අන්තවාදී ආගමිකයින්ය. ඔවුහු එම ග්‍රහ ලොවේ පාලනය භාරව සිටිති. දරුණුය, අද්භූත බලයක් සහිතය. ඔවුන් සෑම විටම උත්සහ කරන්නේ ඔවුන්ගේ එම ආගමික සංවිධානය ව්‍යාප්ත කරමින් තමන්ගේ බලය තහවුරු කර ගැනීමටය. මොවුන්ගේ සිය ආක්‍රමණය ස්ටාර්ක් ලොව වෙතද පතුරුවයි. ඊට විරුද්ධවන අයට අයත් වන්නේ මරණයයි. මෙම තේමාව රැගත් ඩ්‍රීම්ෆෝල් චැප්ටර්ස් ක්‍රීඩාවේදී ෂූ කැස්ටිලෝ, මෙම ආගම්වාදී ආක්‍රමණයට විරුද්ධව නැගී සිටිමින් මිනිසුන් බේරා ගැනීමේ උත්සහයක යෙදෙන්නීය. ක්‍රීඩාවේ එක් එක් චැප්ටර්ස් වලදී විවිධ ඉලක්ක ලබා දෙයි. ඒ වෙත ෂූ කැස්ටිලෝව බුද්ධිමත්ව මෙහෙයවා ජයග්‍රහණය ලබා ගත හැක.

මවුස් එක භාවිතා කරමින්ද, ක්‍රීඩාව විසින් ලබා දෙන විධානය තෝරා ලබා දීම මගින්ද මෙම ක්‍රීඩාවේ යෙදිය හැක. ක්‍රීඩාව හොදින් කිරීමට තමන් මෙහෙය වන චරිතය පිළිබද අවබෝධයක් තිබිය යුතුය. මෙහි දී ෂූ කැස්ටිලෝ විසින් ඇගේ අදහස් හා අරමුණු පොතක සටහන් කරයි. එය ක්‍රීඩකයාට ඕනෑම අවස්ථාවක ලබා ගන කියවා බැලිය හැක. එමගින් ඇය ඉදිරියට කුමක් කරයිද යන අවබෝධය ලබා ඇයව මෙහෙය විය හැක.

මෙහිදී හමුවන ප්‍රධාන චරිත ඉතාමත් සියුම්ව ත්‍රිමාන ආකාරයෙන් නිර්මාණය කර ඇත. එම චරිතවල සජීවීකරණ ක්‍රියාවලිය ද සාමාන්‍ය සජීවී චරිත ආකාරයෙන්ම නිර්මාණය කිරීමට මෙහි ග්‍රැෆික් නිර්මාණ ශිල්පීහු සමත්ව සිටිති. මෙහි ග්‍රැෆික් නිර්මාණ කලින් නිකුත් කල ක්‍රීඩා සංස්කරණවල තිබූ නිර්මාණවලට වඩා සාර්ථක මෙන්ම දියුණු මට්ටමක පවතී. චරිත සදහා හඩ ලබා දෙන විටද චරිතයට හොදින්ම ගැලපෙනම හඩ ලබා දීමට නිර්මාණ ශිල්පීන් උත්සහ කර ඇත. එසේම ග්‍රහ ලෝකවල පරිසර තත්ව සහ මිනිසුන්ගේ ජීවන තත්වය යනාදිය හොදින පිළිබිඹු වන සේ ග්‍රැෆික් නිර්මාණ කර තිබේ. අලෝකය සහ ශබ්ද පරිපාලනයද උසස්ය. 

අපිට කරන පොඩි උදව්වක් විදියට මේ පහලින් තියෙන ඇඩ් එකත් ක්ලික් කරන්න.

SHARE THIS POST

Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.

0 comments :