ඩග්ලස් එන්ගල්බර්ට් | පසුගියදා මිය ගිය ඔහු මවුසයේ නිර්මාතෘවරයාය
පසුගිය ජූලි 2වැනි දා 88 වැනි වියේ සිටයදී ඩග්ලස් එන්ගල්බර්ට් මියයන විට හේ සැලනුම් ලබමින් සිටියේ පරිගණකය සාමාන්‍යය මහජනයාට සමීප කළ මහා විද්වතා ලෙසය. 50 සහ 60 දශකය වන විට විද්‍යාඥයින් පමණක් භාවිතා කරමින් සිටි උපකරණයක් වූ පරිගණකය, සාමාන්‍ය මහජනයාට භාවිතා කළ හැකි සේ වෙනස් කරන්නට සමත් වූ උපාංගය නෙ මවුසය නිර්මාණය කරන ලදිදේ එන්ගල්බර්ට් විසිනි.
මවුසය
මගින් පරිගනක තිරයේ ටෙක්ස්ට් කපා ඉවත් කිරීම සහ නැවත ඇලවීම (Cut and Paste) කරන්ට පුළුවන් බව
එන්ගල්බර්ට් විසින් මුලින්ම ලොවට ප්‍රදර්ශනය කරනු ලැබුවේ 1968 දෙසැම්බර් 09
වැනිදාය. ඔහුගේ සංකල්පයට අනුව පලමු පරිගණක මවුසය නිර්මාණය කලේ ඇමෙරිකාවේ
ස්ටැන්ෆර්ඩ් පර්යේෂණ ආයතනයේ (SRI - Stanford RE-search Instituation) ඉන්ජිනේරුවෙකු වූ බිල් ඉන්ග්ලිෂ් විසිනි.
1968
දෙසැම්බරිය් සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවැත් වූ පරිගණක සම්මේලනයෙදී (Fall Joint Computer Conference) ක්‍රියාත්මක කර
පෙන්වූ මෙම මවුසය තනා තිබුනේ ලීයෙනි. රෝද (wheel) 2ක් තිබූ එහි ක්ලික් කිරීමට තිබුනේ, එක්
රළු බොත්තමකි. දිගු, මහත වයරයකින් පරිගණකයට සම්බන්ධ කළේය. මේ මහත වයරය වලිගයක් සේ
පෙනුනු අතර සමිපූර්ණ උපාංගයම සෙල්ලම් මීයෙකු වගේ යැයි ස්ටෑන්ෆර්ඩ් පර්යේෂණ ආයතනයේ
සේවනයෝ කීහ. ඒ තේරුමින් ඔවුහු මුල පටන්ම මේ උපාංගය මවුස් (Mouse) එනම් මීයා කියා හැදින්
වූහ.
මවුසය
මුලින්ම හදුන්වා දුන් කාලයේ පරිගණක යන්ත්‍ර තිබුණේ පර්යේෂණාගාරවලය. වඩා බරැති
විශාල යන්ත්‍ර වූ මේවා සමග වැඩ කරන්නට ඒ කාලයේ තනා තිබුනේ ලී මවුස් කිහිපයකි. ඒවාද
අතින් තැනූ ඒවා වුණි.
පරිගණක
යන්ත්‍ර සාමාන්‍ය මහජනයා වෙත ආ 80 දශකයේදී මවුසය, වානිජ වශයෙන් නිපදවීම පටන් ගති. ලොව
පළමු මවුසය ලී වලින් තැනූ බිල් ඉන්ග්ලිෂ්, සෙරොක්ස් සමාගමට සිය දැනුම ලබා දුන්නේය.
ලොව පලමුවරට වානිජ වශයෙන් නිපදවූ මවුසයක් ආවේ 1981 සෙරොක්ස් ස්ටාර් (Xerox 8010 Star) පරිගණක සමාගම
විසිනි.
එදා පටන්
මේ දක්වා මවුසය නොයෙක් නොයෙක් තාල වලට වෙනස් වෙමින් වෙළදපොළට ආවේය. රැහැන් රහිත (Wireless) මවුසය ආ විට මීයාගේ වලිගය කැපී ගියත්, නම වෙනස් වූයේ නැත. ටච් ස්ක්‍රීන් තාක්ෂණය
නිසා මවුසය අභාවයට යන්ට පුළුවන් බවට අනාවැකි පළවුවත්, අදටත් ලොව වැඩියෙන්ම නිපදවන
පරිගණක පර්යන්ත උපාංගය (peripheral) වන්නේ මවුසයි. අනෙක් අතට දැන් භාවිතා කරන සම්මත පරිගණක
ඉන්ටෆේස් නිර්මාණය වී තිබෙන්නේ මවුසයෙන් වැඩ කල හැකි ඉන්ටෆේස් එකෙහි ආභාශය ලබමිනි.
ඩග්ලස් එන්ගල්බර්ට් මියගියත් ඔහු කළ වැඩ මිය නොයන බව ලොව කවුරුත් අවිවාදයෙන්
පිළිගන්නේ ඒ නිසාය.
හොදයි එහෙනම් දැනට වැඩ ඉවරයි. මම හිතනව ඔයාල මේ පෝස්ට් එකෙන් මොකක් හරි දැනුමක් ලබා ගත්ත කියල. ඔයාලගේ කමෙන්ට්ස් දාල යන්න. එහෙනම් සුබ දවසක්.

0 comments :