මැල්වෙයා වැසි වසී.
භයානක ඇඩ් ඔන් 200ක් ගූගල් ක්රෝම් වෙතින් ඉවතට!
අන්තර්ජාලය භාවිතා
කරන්නන්ට දැන් තිබෙන ලොකුම අනාරක්ෂාව මතුව තිබෙන්නේ වෙබ් බ්‍රවුසර් වලට සම්බන්ධ
කෙරෙන බ්‍රවුසර් ඇඩ් ඔන් වලින් බව ගූගල් සමාගම කියයි. අන්තර්ජාලයට පිවිස කරන කියන
වැඩ සහ සොයා බලන දේ ගැන මතු නොව පර්ගණකයේ ඇති පෞද්ගලික තොරතුරු පවා අන් අය අත පත්
කරන්නට මෙම ඇඩ් ඔන් වලට පුළුවන.
වෙබ් බ්‍රවුසරයක් මගින් කරන්නේ අප ඉල්ලා
සිටින වෙබ් අඩවියක් පරිගණක තිරයෙන් පෙන්විය හැකි සේ සැකසීමයි. එය කරනවාට අමතර
වශයෙන් තවත් නොයෙක් පහසුකම් සපයන්නට වෙබ් බ්‍රවුසර් සමාගම් විසින් ඇඩ් ඔන් ලබා
දෙයි. මෙම ඇඩ් ඔන් ඒ ඒ සමාගම් වල නිල වෙබ් අඩවිවල ලබා ගත හැකි නිසා කවුරුත්
සිතන්නේ ඒවා ආරක්ෂිතයි කියාය. එහෙත් එය වැරදිය. මෙම ඇඩ් ඔන් තුන්වෙනි පාර්ශවයක්
විසින් සකසනු ලදුව, මූලික ආරක්ෂක පරීක්ෂාවකින් පසුව මෙම නිල වෙබ් අඩවිවලට නිකුත්
කරන ඒවාය. එහෙත් මෙම මූලික ආරක්ෂක පරීක්ෂාව මග හැර යා හැකි සේ හැකර්කරුවන් විසින් ඇඩ්
ඔන් තනනු ලබයි. එවිට මූලික පරීක්ෂාවට අනුව මේවා අහිංසකය. එහෙත් සියුම්ව සලකා බලන
විට නපුරුය.
ක්රෝම් වෙබ් බ්‍රවුසරය ඉදිරිපත් කරන
ගූගල් සමාගම ඇමරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලය සමග එක්ව මෙවැනි නරක හෝ අනවශ්‍ය
ඇඩ් ඔන් කෙතරම් වේ දැයි සොයා බැලීය. ක්රෝම් වෙබ් බ්‍රවුසරය භාවිතා කරන්නන් අතරින්
කෝටි 10 (මිලියන 100ක්) පමණ දෙනාගේ වෙබ් බ්‍රවුසර් පරීක්ෂා කිරීමෙන් අනතුරුව
ඉන් සීයට පස් දෙනෙකුගේ වෙබ් බ්‍රවුසර් වල නරක ඇඩ් ඔන් ඇතැයි ගූගල් සමාගම සොයා
ගත්තේය. ඉන්පසු එවැනි ඇඩ් ඔන් හෙවත් බ්‍රවුසර් එක්ස්ටෙන්ෂන් (browser extension) 200ක් ගූගල්
ක්රෝම් වෙබ් ස්ටෝර් වෙතින් වහාම ඉවත් කෙරිණි.
මෙවැනි නරක බ්‍රවුසර් එක්ස්ටෙන්ෂන්
මගින් කරන වැඩ ගණනාවකි. ඒවායින් බෝහෝමයක්ම බ්‍රවුසර් භාවිතා කරන්නන්ට හොද නැත.
කරදරකාරීය
ඇතැම් එක්ස්ටෙන්ෂන් වෙබ් පිටුව සමග නැති,
වෙනත් තැන්වල ඇති පොප් අප් දැන්වීම් වෙබ් පිටුවට එක් කරයි. ඇඩ් ඉන්ජෙක්ටර්ස් ලෙස
හදුන්වන මේවා සැකසූ හැකර්කරුවෝ එම දැන්වීම්කරනයෙන් ආදායම් ලබා ගනිති.
ඇතැම් බ්‍රවුසර් ඇඩ් ඔන් වලින් කියවෙන මූලික
සේවය සලසන ගමන්ම භාවිතා කරන්නාට නොදැනීම පරිගණකයේ ඇති ලොගින් නේම් සහ පාස්වර්ඩ්
මෙන්ම ආරක්ෂිත වෙබ් අඩවි වලට පිවිසෙන ලොගින් නේම් මෙන්ම පාස්වර්ඩ් රැස් කරගනී. ඉන්
පසු නරක ඇඩ් ඔන් එක තැනූ අය විසින් නියම කරනු ලබන සර්වරයකට ඒවා යවනු ලැබේ. ඇඩ් ඔන්
එක තැනූ අය මේවා සයිබර් අපරාධකරුවන්ට විකුණති.
මෙවැනි බ්‍රවුසර් ඇඩ් ඔන් බ්‍රවුසරයට
සම්බන්ධවෙන්නේ බොහෝවිට නොදැනුවත්වමය. අන්තර්ජාලය හරහා ලබා ගත හැකි පරිගණක වැඩසටහන්
ඉන්ස්ටෝල් කරන විට ඒවා සමග සගවා ඇති ඇඩ් ඔන් බ්‍රවුසරයට එක් වෙයි. සමහර වෙබ් අඩවි
වල ඇති ඉමේජස්, වීඩියෝ යනාදිය ඩවුන්ලෝඩ් කරන විට ඒවා සමග එන වෙබ් බ්‍රවුසර්
එක්ස්ටෙන්ෂන්ද වෙයි.
දැන් මේ කිසිවකින් සම්පූර්ණයෙන් මිදෙන්නට
අන්තර්ජාලය භාවිතා කරන අයට නොහැකිය. එහෙත් කල හැකි හොදම දෙය පරිගණක ආරක්ෂක
විශේෂඥයෝ යෝජනා කරති. වෙබ් බ්‍රවුසරයෙන් වැඩ ගන්නා විට යම් නුහුරක් දැනේ නම් එහි
තේරුම නරක ඇඩ් ඔන් ක්‍රියාත්මක වෙන බවයි. එවිට විශ්වාසනීය මැල්වෙයාර් ක්ලීනර්
වැඩසටහනක් පරිගණකයේ ක්‍රියාත්මක කල යුතුය. එසේ නැතහොත් වෙබ් බ්‍රවුසරය
අන්ඉන්ස්ටෝල් කර නැවත අලුතින් ඉන්ස්ටෝල් කරගත යුතුය. වෙබ් බ්‍රවුසර් නොමිලේ දෙන
ඒවා නිසා මෙය කාටත් අපහසු නැත.
අපිට කරන පොඩි උදව්වක් විදිහට මේ පහලින්
තියෙන ඇඩ් එකත් ක්ලික් කරලම යන්න..... :D J

0 comments :