ඇන්ඩ්‍රොයිඩ් නරක් වෙයි. ‍| ප්ලේ ස්ටෝර්හි මැල්වෙයා ඇප්ස් පිරී තිබේ.




ගූගල් ප්ලේ ස්ටෝර් වෙතින් ලබා ගන්නා ඇප්ස් වලින් වුවත් ඉතා නරක ඇන්ඩ්‍රොයිඩ් ඇඩ්වෙයා පැතිරෙන්නට පුළුවන. අන්තර්ජාල ආරක්ෂාවට සම්බන්ධ වැඩවල නිරත අවාස්ට් (Avast) සමාගම පසුගිය 2015 පෙබරවාරි මාසයේ පල කළ වාර්තාවකින් මේ බව කියා තිබේ. මෙහිදී අවාස්ට් පර්යේෂකයින් විසින් ආදර්ශයක් වශයෙන් ඩුරාක් (Durak) නම් පරිගණක ක්‍රීඩා ඇප් එක ගැන කල විමසුම විග්‍රහ කරන ලදී.

මෙම ක්‍රීඩාව මිලියන දස වාරයක් හෙවත් කෝටි වාරයක් ඩවුන්ලෝඩ් කරගෙන ඇතැයි ගූගල් ප්ලේ ස්ටෝර් වෙබ් අඩවියෙන් පෙන්වයි. එනිසා කවුරුත් සිතන්නේ එය ආරක්ෂිත එකක් කියාය. එහෙත් මෙම ඇප් එක සකසා ඇත්තේ නරක කේතයක් (malicious code) ඇතුළත් කරමිනි. ඇප් එක ක්‍රියාත්මක කරන විට මෙම කේතයත් ක්‍රියාත්මක වී, ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ වේගය අඩුවී ගොස් ඇතැයි දැක්වෙන පණිවිඩයක් ලැබෙයි. එය සෑම අතින්ම පෙනෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියෙන් නිකුත් කරන පණිවුඩයක් මෙනි. එසේම එම පණිවුඩයෙන් කියන්නේ වේගය වැඩි කිරීම පිණිස තවත් වැඩසටහනක් ඉන්ස්ටෝල් කරගන්නා ලෙසයි. එසේම එම වැඩසටහන හෙවත් ඇප් එක තිබෙන තැනට යොමු කිරීමද කරයි.

මෙම යොමු කරන තැන හොද තැනක් නොවේ. එහි ඇති ඇතැම් ඇප් වල ගුණාංග පෙන්වන්නට යොදාගෙන තිබෙන්නේ විවිධ ඉමේජ් යොදා තැනූ හෙවත් ව්‍යාජ තිර සටහන්ය. බැලූ බැල්මට ඒවා ව්‍යාජය කියා හදුනා ගන්නට බැරිය. මෙහි ඇති තවත් සමහර ඇප් මගින් අපට නොදැනීම වෙනත් අයට අපගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගය හරහා එස්එම්එස් (SMS) යවා වෙළද ප්‍රචාරන කරන්නට ඉඩ දෙයි. එවිට එම නරක ඇප් එක නිර්මාණය කල තැනැත්තා එම එස්එම්එස් ව්‍යාපාරයෙන් ආදායම් ලබයි. එහෙත් ඊට වැය වෙන මුදල් හෙවත් බිල් ගෙවිය යුත්තේ අපයි.

මෙවැනි ඇප්ස් රාශියක්ම ගූගල් ප්ලේ ස්ටෝර් හි තිබෙන බව අවාස්ට් සමාගම පෙන්වා දෙයි. මේවා අතරින් හදුනාගන්නා ඒවා ඉවත් කිරීමට ගූගල් සමාගම වැඩ කරතත් එතෙක් ඇන්ඩ්‍රොයිඩ් උපාංග භාවිතා කරන කවුරුත් අනාරක්ෂිත තත්වයට පත්වෙයි. මෙම අනාරක්ෂාවෙන් මිදෙන්නට ක්‍රමයක් ලන්ඩන් යුනිවර්සිටි කොලීජියේ තොරතුරු ආරක්ෂාව පිළිබද විශේෂඥයෙක් වන ආචාර්ය ස්ටීවන් මර්ඩොක් ඉදිරිපත් කරයි.

ගූගල් ප්ලේ ස්ටෝර්හි ඇති නරක ඇප් ගැන ඔහුද පර්යේෂණ වල යෙදෙයි. ගූගල් ප්ලේ ස්ටෝර්හි තිබෙන නරක ඇප්ස් වල එය ඩවුන්ලෝඩ් කරගත් වාර ගනන මිලියන වලින් දක්වා තිබුනාට ඇත්ත වශයෙන්ම එය සිදුව නැති බව ඔහු කියයි. එය කරන්නේත් මැල්වෙයාර් සහිත ඇප්ස් නිර්මාණය කල අයමය. ඔවුන් විශේෂ පරිගණක වැඩසටහන් මගින් වේගයෙන් මෙම ඇප් ඩවුන්ලෝඩ් කරවයි. එවිට ගූගල් ප්ලේ කවුන්ටරය ඉහල යයි. එනිසා ඩවුන්ලෝඩ් කර ඇති වාර ගණන ඉතා වැඩි ඇප්ස් ගැන වැඩිපුර සැලකිලිමත් විය යුතු බව ආචාර්ය ස්ටීවන් මර්ඩොක් කියයි.

යම් ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්නට කලින් ඊට පෙරදී ඩවුන්ලෝඩ් කරනලද අය විසින් ලියන ලද විචාර හෙවත් කමෙන්ට්ස් කියවන ලෙස හේ උපදෙස් දෙයි. මෙම කමෙන්ට්ස් ඉවත් කරන්නට හෝ වෙනස් කරන්නට කාටවත් නොහැකිය. ඒවායේ යම් නරකක් කියා ඇත්නම් එම දෝෂ ගැන සැලකිලිමත් විය යුතුය. මුලින් කී ඩුරාක් පරිගණක ක්‍රීඩා ඇප් එකෙහි තිබී ආවාස්ට් පර්යේෂකයින් සොයා ගත් නරක ගැන කමෙන්ට්ස් ඊට කලින් බොහෝ දෙනෙක් විසින් ලියා තිබූ බව ආචාර්ය ස්ටීවන් මර්ඩොක් පෙන්වා දෙයි.


අපිට කරන පොඩි උදව්වක් විදිහට පහළින් තියෙන ඇඩ් එකත් ක්ලික් කරලම යන්න...... :D J   

SHARE THIS POST

Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.

0 comments :