ප්‍රොජෙක්ට් කාර්ස් | පරිගණක ක්‍රීඩාව




ජාත්‍යන්තර් මෝටර් රථ ධාවන පථවල මෝටර් රථ ධාවනය කරමින් තරග කල හැකි පරිගණක ක්‍රීඩාවකි. ජාත්‍යන්තර් මෝටර් රථ ධාවන තරග පාදක කර ගෙන නිර්මාණය කර ඇති ප්‍රොජෙක්ට් කාර්ස් පරිගණක ක්‍රීඩාවේදී පරිගණක ක්‍රීඩකයා ක්‍රියාත්මක විය යුත්තේ මෝටර් රථ ධාවන තරගකරුවෙකු ලෙසයි.

ජාත්‍යන්තර් මෝටර් රථ ධාවන තරග සදහා යොදා ගන්නා මුල් පෙළේ මෝටර් රථ මාදිලි රැසක ආකෘති මෙම පරිගණක ක්‍රීඩාවට එක් කර ඇත. ඉන් තමන්ට කැමති මෝටර් රථයක් තෝරා ගෙන ඊට අදාළ මෝටර් රථ කාණ්ඩය යටතේ තරග කල හැක. තමන්ට කැමි මෝටර් රථ කාණ්ඩය තෝරා ගත් විට ඒ යටතේ තරග කල යුතු ධාවන තරග මොනවාදැයි කියා රෙගුලාසි ලබා දෙයි. ඉන් තමන් කැමති ධාවන තරගයක් තෝරා ගත හැකිය. ආරම්භයේදී ලැබෙන්නේ සාමාන්‍ය මට්ටමේ ධාවන තරගයි. ඒවායෙන් ජයග්‍රහණය ලැබීමත් සමග ජත්‍යන්තර මට්ටමේ තරග වලට සහභාගී වීමට සුදුසුකම් ලබා ගත හැක.

සෑම තරගයක්ම ආරම්භ කිරීමට කලින් එම තරගයට යොදාගන්නා ධාවන පථයේ තිබෙන ගති ලක්ෂණ ඇති ධාවන පථ වලදී පුහුණුවීම් කිරීමට අවස්ථාව ලබා දේ. තමන් ඉදිරියේදී තරගයට යොමුවන ධාවන පථය පිළිබදව මෙන්ම තමන් තෝරා ගත් මෝටර් රථය පාලනය කිරීම පිළිබදව අවබෝධයක් ලබා ගෙන තරගයට සහභාගීවීමේ හැකියාව මෙනිසා ලැබේ.


සැබෑ මෝටර් රථ ධාවන තරග වලදී මෙන් තරගය අතරතුර මෝටර් රථයට කල යුතු නඩත්තු කටයුතු කිරීමටද මෙම ප්‍රොජෙක්ට් කාර්ස් ක්‍රීඩාවේදී අවස්ථාව ලබා දෙයි. ඒ සදහා තමන්ට සුදුසු ඉංජිනේරු කණ්ඩායමක් තෝරා ගත හැකිය. මෙසේ කළ යුතු නඩත්තු කටයුතු මොනවාද කියා ධාවන තරගය අතරතුරදී පරිගණක ක්‍රීඩාවෙන්ම දන්වයි. එමගින් ක්‍රීඩකයා පදවන රථයේ තිබෙන අඩුපාඩු පෙන්වයි. එසේම නඩත්තු කටයුත්තට වෙලාවක් නියම කරයි. එම කාලය අවසන් වීමට කලින් තමන්ගේ ඉංජිනේරු කණ්ඩායමට දැනුම් දී නඩත්තු කටයුතු කර ගත යුතුය.

මෝටර් රථ ධාවන තරග ගැන මෙන්ම එහිදී භාවිතා කරන මෝටර් රථ පිළිබදවත් තරග ජයග‍්‍රහණය සදහා භාවිතා කල හැකි තාක්ෂණික උපක්‍රම පිළිබදවත් මනා අවබෝධයක් පරිගණක ක්‍රීඩකයාට මෙම ප්‍රොජෙක්ට් කාර්ස් ක්‍රීඩාව තුළින් ලබා ගත හැක. මෙම ක්‍රීඩාව නිර්මාණය කර තිබෙන්නේ ජාත්‍යන්තර් මෝටර් රථ ධාවන තරග සමාගම්, ක්‍රීඩකයින් මෙන්ම ඊට සම්බන්ධ තාක්ෂණික ඉංජිනේරුවන්ගේද උපදෙස් ලබා ගෙනය. එසේම ප්‍රොජෙක්ට් කාර්ස් ක්‍රීඩාවේදී යොදා ගෙන තිබෙන්නේ ජාත්‍යන්තර තරග සදහා යොදා ගන්නා ධාවන පථ සහ එවැනි තරග සදහා යොදා ගන්නා මෝටර් රථ වල අනුරූපයි.

මෙහි ග්‍රැෆික් නිර්මාණ උසස් අන්දමින් කර තිබේ. තරග සදහා යොදා ගන්නා සෑම මෝටර් රථයක්ම සැබෑ මෝටර් රථයේ නියම අනුරූපයි. එනම් එහි ඇති හැම අංගයක්ම මෙහි ග්‍රැෆික් මගින් ප්‍රතිනිරූපණය කර තිබේ. මෙහිදී භාවිතා කර තිබෙන ලෝකයේ ප්‍රධාන ධාවන පථ වල පිහිටීමද ඒ ආකාරයෙන්ම සියලු පාරිසරික ලක්ෂණ ඇතුළත් වන සේ නිමවා ඇත. එසේම මෝටර් රථ අනතුරු වලට ලක් වන විට එහි චලන සහ ශබ්දද සත්‍යාසන්නය. මෝටර් රථයෙන් නිකුත් වන ශබ්ද, සංවිධායකයින්ගෙන් මෙන්ම ප්‍රේක්ශකයින්ගේ ජය ඝෝෂා හඩ යනාදිය මෙම ක්‍රීඩාවේදී යොදාගෙන තිබෙන්නේ සැබෑ මෝටර් රථ තරගයක අත්දැකීම ක්‍රීඩකයාට වඩාත් හොදින් දැනෙන සේය. එසේම දිවා රාත්‍රී තරග වලදී ඊට ගැළපෙන සේ ආලෝක පරිපාලනය හොදින් කර තිබේ. මෙම ක්‍රීඩාවේ ස්වරූපය පෙන්වන වීඩියෝ සහ වෙනත් දෑ www.projectcarsgame.com යන ප්‍රොජෙක්ට් කාර්ස් ක්‍රීඩාවේ නිල වෙබ් අඩවියෙන් බලා ගත හැක.

අපිට කරන පොඩි උදව්වක් විදිහට මේ පහළින් තියෙන ඇඩ් එකත් ක්ලික් කරලම යන්න J :D

SHARE THIS POST

Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.

0 comments :