වින්ඩෝස් 10 යනු ෆ්‍රීවෙයා එකකි. | ක්රුක්ඩ් වර්ෂන් වුවත් නොමිලේ අප්ග්‍රේඩ් කරගත හැකිය.



           අලුත්ම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය එළැඹෙන ජූනි මාසයේ නිකුත් කරන බව පසුගිය මාර්තු 18 වෙනිදා මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනය කළේය. ඒ චීනයේ ෂෙන්ෂෙන් නුවරදී පැවැත්වූ වින්හෙක් සමුළුවේදීය. මයික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති පිළිබද ප්‍රධානියා වන ටෙරී මයර්සන් එහිදී ප්‍රකාශ කළේ, වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය මුදලට විකුණන එකක් නොව නොමිලේ දෙන අප්ග්‍රේඩ් එකක් බවය. එනම් දැනට ක්‍රියාත්මක වන වින්ඩෝස් 7, 8 සහ වින්ඩෝස් 8.1 යන ඕනෑම මෙහෙයුම් පද්ධතියක් වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය බවට නොමිලේ උසස් කර ගත හැකිය.
           
     මෙහිදී මයික්‍රොසොෆ්ට් සමාගම තවත් විස්මය දනවන නිවේදනයක් කළේය. එනම් මිලදී ගත් නියම වින්ඩෝස් (Genuine) මෙහෙයුම් පද්ධතියක් නොව අනියම් ලෙස ලබා ගත් මෙහෙයුම් පද්ධති වුවත් මෙසේ උසස් කර ගත හැකි බව ය. මේ සමගම ලොව ඇති සියලුම වින්ඩෝස් මෙහෙයුම් පද්ධති නියම ඒවා බවට ඉබේම පත් වේ. හොර කොපි කියා දෙයක් එවිට නැත.

     මෙතෙක් කාලයක් ව්‍යාජ මෘදුකාංග ව්‍යාප්තවීම වළක්වන්නට ඉතා වෙර වීර්යයෙන් වැඩ කල මයික්‍රොසොෆ්ට් සමාගම දැන් එම සටන අත හැර දමා තිබෙන්නේ එය දිනිය නොහැකි තැනට වැඩ සැලසී ඇති නිසා බව විචාරකයෝ කියති. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව හා චීනය යන රටවල භාවිතා කරන වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වලින් වැඩි පංගුවක් නියම විදියට මිලදී ගත් ඒවා නොවේ. ආරක්ෂක උපක්‍රම ඉවත් කර කාටත් ස්ථාපනය කර ගත හැකි සේ සකස් කර ගත් ඒවාය.
          
     මෙය වලක්වන්නට බොහෝ වියදම් කලේ මයික්‍රොසොෆ්ට් සමාගමයි. මෘදුකාංග සක්‍රිය කිරීමේ ක්‍රමය (Software Activation) ලොවට හදුන්වා දුන්නේ මයික්‍රොසොෆ්ට් සමාගම විසිනි. ඒ 2001 දී වින්ඩෝස් එක්ස්පී මෙහෙයුම් පද්ධතිය සමග ලයිසන්ස් කීස් ඉදිරිපත් කරමිනි. එහෙත් මෙය මගහැර යා හැකි විවිධ උපක්‍රම මෘදුකාංග කොල්ලකරුවන් විසින් සොයාගන්නා ලදී. ඉන්පසු මෙම ඇක්ටිවේෂන් ක්‍රම කොතරම් දියුණු කලත් ඒවා සෑම එකක්ම අසාර්ථක වුනි. නීති මගින් මෘදුකාංග කොල්ලකරුවන්ට එරෙහිව කටයුතු කිරීමේ ව්‍යාපාර, මහජන මතය ඇති කිරීමේ ව්‍යාපාර යනාදිය මයික්‍රොසොෆ්ට් සමාගම දියත් කලත්, පසුගිය දශකය පුරාම ඔවුන් උගෙන ඇත්තේ එක් පාඩමකි. එනම් මෘදුකාංග කොල්ලය නවතාලිය නොහැකි බවයි. අවසානයේදී වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නොමිලේ දෙන තැනට මයික්‍රොසොෆ්ට් සමාගම පැමින සිටී.
          
     ඇපල් ඕඑස්එක්ස් (OSX) මෙහෙයුම් පද්ධතියේ උසස් කිරීම් 2013 පටන් නොමිලේ දෙයි. ඇපල් සමාගමට ඉන් අහිම වන ආදායම ලබා ගන්නේ පරිගණක උපාංග වෙළදාම දියුණු කර ගැනීමෙනි. ගූගල් සමාගම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය නොමිලේ දෙයි. ඔවුන් ආදායම් උපයා ගන්නේ ගූගල් ප්ලේ ස්ටෝර් හරහා ඇප්ස් විකිණීමෙන් සහ එම ඇප්ස් හරහා කරන වෙළද දැන්වීම්කරණය මගිනි.
          
     මයික්‍රොසොෆ්ට් සමාගමත් දැන් ටැබ්ලට් සහ නෝට් බුක් පරිගණක විකුණයි. ඔෆීස් 365, ස්කයිප්, වන්ඩ්‍රයිව් යනාදී සේවා අයත් ක්ලවුඩ් සේවා ගනනාවක් මයික්‍රොසොෆ්ට් සමාගම සතුය. මේ සියල්ලෙන් ලබන ආදායම ගත්විට, වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සහ ඔෆීස් මෘදුකාංග විකුණා ලබන ආදායම එම මුළු ආදායමෙන් 16% කි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධති නොමිලේ දීමෙන් අඩුවන ආදායම, ඒ මෙහෙයුම් පද්ධති පාවිච්චි කරන්නන් වෙත වෙනත් වින්ඩෝස් සේවා විකුණා ලබා ගැනීම මයික්‍රොසොෆ්ට් සමාගමේ නව වෙළද උපක්‍රමයයි.  



අපිට කරන පොඩි උදව්වක් විදිහට පහලින් තියෙන ඇඩ් එකත් ක්ලික් කරලම යන්න.... :D :) 

SHARE THIS POST

Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.

0 comments :