සිස්ටම් ක්ලීනින් ඇප්ස් කිහිපයක්

දැන් හුගක් අය ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්, ටැබ් එහෙම පාවිච්චි කරනවනේ. ටික කාලයක් යන කොට ඔය ෆෝන් වල අනවශ්‍ය ෆයිල් තැන්පත් වෙනව. එතකොට තමන්ගෙ ෆෝන් එක ටිකෙන් ටික ස්ලෝ වෙනව වගේම මෙමරිය පිරෙනව. ඉතින් අද මම දෙන්න යන්නේ මේ වැඩනට නැති ෆයිල් අයින් කරල දාන්න හරියන නියම ඇප්ස් ටිකක්.

ක්ලීන් මාස්ටර් (Clean Master):-
කෑෂ් මතකයේ තියෙන අනවශය ෆයිල් අයින් කරල දාන්න මේ ඇප් එකෙන් පුළුවන්. ඒවගේම රැම් මතකයේ තියෙන අනවශය දත්ත අයින් කරන්නත් මේකෙන් පුළුවන්. මෙතනින් ගිහින් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්න. එහෙම නැත්තන් ගූගල් ප්ලේ ස්ටෝර් වලනුත් මේ ඇප් එක ගන්න පුළුවන්.

ඩීයූ ස්පීඩ් බූස්ටර්  (DU Speed Booster):-
අනවශ්‍ය ෆයිල් නිසා ස්ලෝ වෙලා තියෙන ඇන්ඩ්‍රොයිඩ් උපාංග වල වේගය නැවත වැඩි කරන්න තමයි මේ ඇප් එක බොහෝ දෙනා යොදාගන්නේ. මේ ඇප් එකේ ගේම් බූස්ටර් එකකුත් තියෙනව ඒ හින්ද ගේම්ස් ප්ලේ කරද්දි ගේම් එකට ඕන කරන පහසුකම් සලසා දෙනව. මෙතනින් ගිහින් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්න.

ඇප්කෑෂ් ක්ලීනර් (App Cache Cleaner):-
ඇප්කෑෂ් ක්ලීනර් කියන්නෙ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල ඇප්වල තියෙන කෑෂ් ෆයිල් ඉක්මනින්ම ඉවත් කරල දෙන ඇප් එකක්. මෙතනින් ගිහින් ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්න. ගූගල් ප්ලේ ස්ටෝර් එකෙනුත් මේක ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන්.

ක්ලීන් අප් (Clean Up):-
මේකත් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල තියෙන කෑෂ් ෆයිල් වගේම ට්‍රේස් ෆයිල් ඉවත් කරන්න පාවිච්චි කරන්න පුළුවන් නියම ඇප් එකක්. තවද මේ ඇප් එකෙන් හාඩ්වෙයා දෝෂ සොෆ්ට්වෙයා දෝෂ වගේ දේවලුත් පෙන්වල දෙනව. මෙතනින් ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්න. මේකත් ගූගල් ප්ලේස්ටෝර් එකෙන් බා ගන්න පුළුවන්.

ඇන්ඩ්‍රොයිඩ් ඇසිස්ටන්ට් (Android Assistant):-


ඇන්ඩ්‍රොයිඩ් ඇසිස්ටන්ට් යනු විශේෂාංග 18ක් ඇති ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක්. මෙහිදී ඇප් එක භාවිතා කරන්නාට ප්‍රොසෙසරය, රැම් මතකය, SD Card එකෙහි ඉඩ සහ බැටරිය ගැන විස්තර පහසුවෙන්ම බලා ගන්නට පුළුවන්. මෙම මෘදුකාංගයේ සිස්ටම් ක්ලීනින් පහසුකමත් තිබේ. කෑෂ් ෆයිල්, තම්නේල් කෑෂ්, ටෙම්පරි ෆයිල්, ලොග් ෆයිල්, හිස් ෆෝල්ඩර්, හිස් ෆයිල් සහ ක්ලිප් බෝඩ් එකෙහි ඇති දත්ත වැනි සියලු දේ එකවර ඉවත් කරන්නට එමගින් පුළුවන. ඇප් කිහිපයක් එකවර ඉවත් කිරීමට හැකි වීමත් මේ ඇප් එකෙහි ඇති තවත් විශේෂත්වයකි. මෙතනින් ගිහින් ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්න. 

අපිට කරන පොඩි උදව්වක් විදියට මේ පහලින් තියෙන ඇඩ් එකත් ක්ලික් කරන්න.

SHARE THIS POST

Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.

0 comments :