HTTP 2.0 | අලුත් අන්තර්ජාල ප්‍රොටොකෝලය අනුමත වෙයි.




දැන් තිබෙනවාට වඩා ඉතා වේගයෙන් අන්තර්ජාලය හරහා වෙබ් අඩවි වලට පිවිසිය හැකි නව තාක්ෂණ ක්‍රමයක් දැන් අත්හදා බලා අවසන්ය. එය HTTP 2.0 ය. අන්තර්ජාලය සම්බන්ධ මෙවැනි තාක්ෂණයක් භාවිතයට ගන්නා විට එය අනුමත කරන්නේ අයිඊඑස්ජී (IESG – Internet Engineering Steering Group) ආයතනය විසිනි. පසුගිය 2015 පෙබරවාරි 17 වෙනිදා මෙම HTTP 2.0 ප්‍රමිතියට එසේ අනුමැතිය ලැබුණි. 2016 පටන් වෙබ් අඩවි ක්‍රියාත්මක වෙනු ඇත්තේ මෙම තාක්ෂණයට අනුවය. මෙය පසුගිය වසර 15 තුළ අන්තර්ජාල ප්‍රොටොකෝලයේ කළ දැවැන්තම වෙනසයි.

දැන් අන්තර්ජාලය ක්‍රියාත්මක වෙන්නේ 1989 මාර්තුවේදී ශ්‍රීමත් ටිම් බර්න්ස් ලී විසින් හදුන්වා දෙන ලද HTTP ප්‍රමිතියට හෙවත් ප්‍රොටොකෝලයට අනුවය. විවිධ වෙබ් ක්‍රමලේඛ භාෂාවලින් කේත ලියා ඇති සකසා ඇති වෙබ් පිටු වෙබ් බ්‍රව්සරයකින් පෙන්විය හැකි සේ එකම ප්‍රමිතියකට ගෙන එන්නේ මෙම HTTP (Hypertext Transfer Protocol) ප්‍රොටොකෝලයේ ක්‍රියාව මගිනි.

දැන් තිබෙන වෙබ් අඩවි මීට අවුරුදු 15 කට කලින් තිබූ ඒවාට වඩා සංකීර්ණය. ඉතා පැහැදිලි ජායාරූප, වීඩියෝ, ටෙක්ස්ට් මෙන්ම මෝස්තර යොදා ඇති වෙබ් පිටුවක් පැරණි තාක්ෂණයක් හරහා වෙබ් බ්‍රව්සරයකින් විවෘත වෙන්නට යන වේගය අඩු වෙයි. අනෙක් අතට මීට අවුරුදු 15කට කලින් තිබුනාට වඩා අද ලෝක ව්‍යාප්ත ජාලය අනාරක්ෂිතය. එහි ආරක්ෂාව තර කිරීමට පැරණි ප්‍රමිතියේ සීමාව මදිය. මෙම හේතු දෙක නිසාම අලුත් ප්‍රොටොකෝලයක අවශ්‍යතාව තදින් දැනුනත් එය සකසා ගැනීම පහසු වූයේ නැත.

මෙම නවතම HTTP 2.0 ප්‍රමිතිය සකසා තිබෙන්නේ ගූගල් සමාගම විසින් 2009 දී හදුන්වාදුන් එස්පීඩීවයි (SPDY) නම් තාක්ෂණය පදනම් කරගෙනය. මුලින්ම මෙය ගූගල් ක්රෝම් වෙබ් බ්‍රව්සරයට යොදා ගති. ඉන්පසු මොසිල්ලා ෆයර්ෆොක්ස්, සෆාරි සහ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් යනාදී වෙබ් බ්‍රව්සර්ද මෙම තාක්ෂණය භාවිතයට ගත්තේය. එසේම ෆේස්බුක් මෙන්ම මෘදුකාංග සේවා ලබාදෙන වෙබ් අඩවිද SPDY තාක්ෂණය භාවිත කරන්නට පටන්ගත්තේය. එබැවින් SPDY තාක්ෂණය පාදක කරගෙන HTTP 2.0 ප්‍රොටොකෝලය සැකසීම ප්‍රායෝගික ප්‍රවේශයක් වුණි.

මල්ටිප්ලෙක්සින් (multiplexing) ක්‍රමය මෙම SPDY තාක්ෂණයේ විශේෂාංගයකි. යම් වෙබ් සර්වරයක ඇති එකම වෙබ් පිටුවක් කීප දෙනෙකු විසින් එකම වේලාවේ ඉල්ලාසිටින විට කෙලින්ම එම වෙබ් පිටු වෙබ් බ්‍රව්සරය වෙත සම්බන්ධ කිරීමට මෙනිසා පුළුවන. එනම් තනි ජාල සම්බන්ධතාවක් මගින් ඉල්ලීම් ගනනාවක් සපයයි. ඒ නිසා වෙබ් පිටු ලැබීමට යන කාලය අඩුවෙයි. මෙම SPDY තාක්ෂණය යොදාගන්නා නිසා HTTP 2.0 මගින් වෙබ් පිටුවක් ලැබෙන වේගය HTTP 1.0 ට වඩා දෙගුණයකින් වැඩි වෙයි.

එසේම HTTP 2.0 ප්‍රොටොකෝලය, වෙබ් පිටුවල ආරක්ෂාව පිණිස ඒවායේ දත්ත කොටස් වලට කඩා හුවමාරු කරයි. වෙබ් බ්‍රව්සරයට සම්බන්ධ විශේෂ වැඩසටහනකින් හෙවත් ඇල්ගොරිදමයකින් ඒවා එකලස් වී වෙබ් පිටුව පෙන්වයි. මෙම ක්‍රමය එන්ක්‍රිප්ෂන් (Encryption) කියා හදුන්වයි. මෙයත් SPDY තාක්ෂණයේම තිබූවකි. මේනිසා නවතම HTTP 2.0 ප්‍රොටොකෝලයට අනුව අන්තර්ජාලය ක්‍රියාත්මක වන විට වෙබ් පිටු ලැබෙන වේගය වැඩිවෙනක් මෙන්ම එහි ආරක්ෂාවද වැඩිවෙයි. එනම් විවෘත වෙන වෙබ් පිටු මගින් එය නරඹන්නාට හෝ පරිගණකයට හෝ අනර්ථයක් වෙන්නේ නැත. හැකිං සහ ෆිෂිං ප්‍රහාරවලට ලක් වීම එනිසා අඩුවෙයි. අන්තර්ජාලය කලින්ට වඩා ආරක්ෂිත මෙවලමක් බවට පත්වෙයි.

අපිට කරන පොඩි උදව්වක් විදිහට පහළින් තියෙන ඇඩ් එකත් ක්ලික් කරලම යන්න..... J :D      

SHARE THIS POST

Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.

0 comments :