ප්‍රොජෙක්ට් මයෙල්ස්ට්‍රොම් | ටොරන්ට් පාදක වෙබ් බ්‍රවුසරය




බිට් ටොරන්ට් සමාගම මෙතෙක් ලොව නොතිබූ පන්නයේ වෙබ් බ්‍රවුසරයක් තනා තිබේ. දැන් තිබෙන සාමාන්‍ය වෙබ් බ්‍රවුසර් මගින් වෙබ් සර්වර් වල තිබෙන වෙබ් පිටු පෙන්වන්නාක් මෙන් මෙම වෙබ් බ්‍රවුසරය තනි තනි පරිගණකවල ඇති ටොරන්ට් ෆයිල්ද සොයා පෙන්වයි. ඒ, සාමාන්‍ය වෙබ් බ්‍රවුසර් වලින් සොයා පෙන්වන වෙබ් පිටුද පෙන්වන ගමන්මය. මයෙල්ස්ට්‍රොම් (Maelstrom) යන නමින් නමින් හදුන්වන මෙම වෙබ් බ්‍රවුසරය එහි නිල වෙබ් අඩවියේ සිට (project-maelstrom.bittorrent.com) වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණක වෙත නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

          සාමාන්‍ය වෙබ් බ්‍රවුසරයකින් එය භාවිතා කරන්නා ඉල්ලා සිටින වෙබ් පිටු සොයා දෙන්නේ සර්වර් පරිගණක වලිනි. මෙම සම්බන්ධතාව (server-client architecture) නිසා යම් පිටුවක් වැඩි දෙනෙකු ඉල්ලන විට පිටුව ලැබෙන වේගය අඩු වෙයි. අනෙක් අතට යම් බලඅධිකාරයක මැදිහත් වීමෙන් මෙම වෙබ් පිටු ලැබීම වළක්වන්නට පුළුවන. එසේම වෙබ් බ්‍රවුසරයෙන් සොයා බලන වෙබ් පිටු ගැන සහ ඊට සම්බන්ධ වෙන පරිගණක ගැන විස්තර වෙබ් බ්‍රවුසරය මෙහෙයවන ආයතනයට හෝ බලය ඇති අයෙක්ට හෝ රැස් කරගන්නට පුළුවන. මේ නිසා දැන් අප අන්තර්ජාලය භාවිතා කරන්නේ කීප දෙනෙකු විසින් සකසනු බදුව පොදුවේ පිළිගත් සම්ප්‍රදායකට මිසක් පොදු මහ ජනයාට ඕනෙ හැටියට නොවේ. මෙසේ නොවී සර්වරයෙන් වෙබ් අඩවි නිදහස් කරගෙන නිදහසේ කිසිවෙකුගේ පාලනයකට යටත් නොවී වෙබ් අඩවි වෙත පිවිසෙන්නට මයෙල්ස්ට්‍රොම් වෙබ් බ්‍රවුසරය උදව් කරයි.


          මයෙල්ස්ට්‍රොම් වෙබ් බ්‍රවුසරය සකසා ඇත්තේ ගූගල් ක්රොම් වෙබ් බ්‍රවුසරයේ ඕපන් සෝස් සංස්කරණය වන ක්රෝමියම් වෙබ් බ්‍රවුසරයේ කේත සටහන යොදා ගනිමිනි. එනිසා මයෙල්ස්ට්‍රොම් හරහා ගොස් සාමාන්‍ය HTTP සහ HTTPS වෙබ් අඩවි සොයාගන්නට පුළුවන. එසේම මේ සමග බිට්ටොරන්ට් සමාගම සතු බිට් ටොරන්ට් ප්‍රොටොකෝලය සම්බන්ධ කර තිබේ. එනිසා බිට්ටොරන්ට් ක්ලයන්ට් වැඩසටහන ඉන්ස්ටෝල් කර ඇති ඕනෑම පරිගණකයකින් ලබා ගත හැකි සේ හෙවත් සීඩ් වෙන්නට තබා ඇති ටොරන්ට් ෆයිල් සොයාගන්නටත් පුළුවනි. මේ සම්බන්ධතාව (client-client architecture) නිසා කිසිම අතරමැදි බල අධිකාරයකට ටොරන්ට් ෆයිල් හුවමාරුවට බාධා කරන්නට බැරිය.

          මයෙල්ස්ට්‍රොම් වෙබ් බ්‍රවුසරයෙන් යම් වෙබ් අඩවියක් අන් අයට පෙන්වන්නට නම් එය ටොරන්ට් මාදිලියට හැරවිය යුතුය. ඕනෑම වෙබ් අඩවියක් එහැම පිටින්ම ටොරන්ට් ෆයිල් එකක් බවට පත් කල හැකි ටූල්ස්, මයෙල්ස්ට්‍රොම් වෙබ් අඩවියෙන් සපයයි. මේ වෙබ් අඩවිය හොස්ට් කරන්නට අමුතු හොස්ටින් සේවයක් අවශ්‍ය නැත. එය තමන්ගේ පරිගණකයේ රදවා බිට් ටොරන්ට් වැඩසටහන ඔස්සේ සීඩ් වෙන්නට තැබීම සෑහේ. එවිට තම පරිගණකයේ ඇති වෙනත් ටොරන්ට් ෆයිල් සීඩ් වෙන්නාක් සේ වෙබ් අඩවියද සීඩ් වෙයි.

          චිත්‍රපට, ගීත සහ වෙනත් ෆයිල් වල ටොරන්ට් කෝටි ගණනක් දැන් තිබෙන බවත්, අන්තර්ජාලය භාවිතා කරන මහජනයා ස්වෙච්චාවෙන් ඒවා තනා සීඩ් වෙන්නට තබා තිබෙන බවත්, කාටත් ඒවා ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවන් බවත් අප දනිමු. මේ විදියට දැන් වෙබ් අඩවි වලද ටොරන්ට් බෝ වෙන්නට පටන්ගනු ඇති. එසේම අලුතින් වෙබ් අඩවි එක් කරන හැමෝම වගේ එහි ටොරන්ට් සංස්කරණයකුත් සකසාවි. එවිට දැන් තිබෙන ලෝක ව්‍යාප්ත ජාලයේ ටොරන්ට් සංස්කරණය බිහි වෙයි.

          මෙම ලෝක ව්‍යාප්ත ටොරන්ට් ජාලය ක්‍රියාත්මක වෙන්නේ අන්තර්ජාලය ඔස්සේ එකිනෙකා හා සම්බන්ධවී ඇති පරිගණක සමග මිස පාලනයකට යටත්ව ඇති සර්වර් අතර නොවේ. එදිනට ලෝක ව්‍යාප්ත ජාලය අධිකාරී පාලනයෙන් මිදේ. එය සම්පූර්ණයෙන්ම අපක්ෂපාතී වෙයි. විවෘත වෙයි. ලෝක ව්‍යාප්ත ජාලය අපක්ෂපාතී හා විවෘත නොවීම ගැන එහි නිර්මාතෘ ටිම් බර්න්ස් ලී නිතර සිය කනස්සල්ල පළ කරයි.

          අපිට කරන පොඩි උදව්වක් විදිහට පහළින් තියෙන ඇඩ් එකත් ක්ලික් කරලම යන්න.

SHARE THIS POST

Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.

0 comments :

ප්‍රොජෙක්ට් කාර්ස් | පරිගණක ක්‍රීඩාව




ජාත්‍යන්තර් මෝටර් රථ ධාවන පථවල මෝටර් රථ ධාවනය කරමින් තරග කල හැකි පරිගණක ක්‍රීඩාවකි. ජාත්‍යන්තර් මෝටර් රථ ධාවන තරග පාදක කර ගෙන නිර්මාණය කර ඇති ප්‍රොජෙක්ට් කාර්ස් පරිගණක ක්‍රීඩාවේදී පරිගණක ක්‍රීඩකයා ක්‍රියාත්මක විය යුත්තේ මෝටර් රථ ධාවන තරගකරුවෙකු ලෙසයි.

ජාත්‍යන්තර් මෝටර් රථ ධාවන තරග සදහා යොදා ගන්නා මුල් පෙළේ මෝටර් රථ මාදිලි රැසක ආකෘති මෙම පරිගණක ක්‍රීඩාවට එක් කර ඇත. ඉන් තමන්ට කැමති මෝටර් රථයක් තෝරා ගෙන ඊට අදාළ මෝටර් රථ කාණ්ඩය යටතේ තරග කල හැක. තමන්ට කැමි මෝටර් රථ කාණ්ඩය තෝරා ගත් විට ඒ යටතේ තරග කල යුතු ධාවන තරග මොනවාදැයි කියා රෙගුලාසි ලබා දෙයි. ඉන් තමන් කැමති ධාවන තරගයක් තෝරා ගත හැකිය. ආරම්භයේදී ලැබෙන්නේ සාමාන්‍ය මට්ටමේ ධාවන තරගයි. ඒවායෙන් ජයග්‍රහණය ලැබීමත් සමග ජත්‍යන්තර මට්ටමේ තරග වලට සහභාගී වීමට සුදුසුකම් ලබා ගත හැක.

සෑම තරගයක්ම ආරම්භ කිරීමට කලින් එම තරගයට යොදාගන්නා ධාවන පථයේ තිබෙන ගති ලක්ෂණ ඇති ධාවන පථ වලදී පුහුණුවීම් කිරීමට අවස්ථාව ලබා දේ. තමන් ඉදිරියේදී තරගයට යොමුවන ධාවන පථය පිළිබදව මෙන්ම තමන් තෝරා ගත් මෝටර් රථය පාලනය කිරීම පිළිබදව අවබෝධයක් ලබා ගෙන තරගයට සහභාගීවීමේ හැකියාව මෙනිසා ලැබේ.


සැබෑ මෝටර් රථ ධාවන තරග වලදී මෙන් තරගය අතරතුර මෝටර් රථයට කල යුතු නඩත්තු කටයුතු කිරීමටද මෙම ප්‍රොජෙක්ට් කාර්ස් ක්‍රීඩාවේදී අවස්ථාව ලබා දෙයි. ඒ සදහා තමන්ට සුදුසු ඉංජිනේරු කණ්ඩායමක් තෝරා ගත හැකිය. මෙසේ කළ යුතු නඩත්තු කටයුතු මොනවාද කියා ධාවන තරගය අතරතුරදී පරිගණක ක්‍රීඩාවෙන්ම දන්වයි. එමගින් ක්‍රීඩකයා පදවන රථයේ තිබෙන අඩුපාඩු පෙන්වයි. එසේම නඩත්තු කටයුත්තට වෙලාවක් නියම කරයි. එම කාලය අවසන් වීමට කලින් තමන්ගේ ඉංජිනේරු කණ්ඩායමට දැනුම් දී නඩත්තු කටයුතු කර ගත යුතුය.

මෝටර් රථ ධාවන තරග ගැන මෙන්ම එහිදී භාවිතා කරන මෝටර් රථ පිළිබදවත් තරග ජයග‍්‍රහණය සදහා භාවිතා කල හැකි තාක්ෂණික උපක්‍රම පිළිබදවත් මනා අවබෝධයක් පරිගණක ක්‍රීඩකයාට මෙම ප්‍රොජෙක්ට් කාර්ස් ක්‍රීඩාව තුළින් ලබා ගත හැක. මෙම ක්‍රීඩාව නිර්මාණය කර තිබෙන්නේ ජාත්‍යන්තර් මෝටර් රථ ධාවන තරග සමාගම්, ක්‍රීඩකයින් මෙන්ම ඊට සම්බන්ධ තාක්ෂණික ඉංජිනේරුවන්ගේද උපදෙස් ලබා ගෙනය. එසේම ප්‍රොජෙක්ට් කාර්ස් ක්‍රීඩාවේදී යොදා ගෙන තිබෙන්නේ ජාත්‍යන්තර තරග සදහා යොදා ගන්නා ධාවන පථ සහ එවැනි තරග සදහා යොදා ගන්නා මෝටර් රථ වල අනුරූපයි.

මෙහි ග්‍රැෆික් නිර්මාණ උසස් අන්දමින් කර තිබේ. තරග සදහා යොදා ගන්නා සෑම මෝටර් රථයක්ම සැබෑ මෝටර් රථයේ නියම අනුරූපයි. එනම් එහි ඇති හැම අංගයක්ම මෙහි ග්‍රැෆික් මගින් ප්‍රතිනිරූපණය කර තිබේ. මෙහිදී භාවිතා කර තිබෙන ලෝකයේ ප්‍රධාන ධාවන පථ වල පිහිටීමද ඒ ආකාරයෙන්ම සියලු පාරිසරික ලක්ෂණ ඇතුළත් වන සේ නිමවා ඇත. එසේම මෝටර් රථ අනතුරු වලට ලක් වන විට එහි චලන සහ ශබ්දද සත්‍යාසන්නය. මෝටර් රථයෙන් නිකුත් වන ශබ්ද, සංවිධායකයින්ගෙන් මෙන්ම ප්‍රේක්ශකයින්ගේ ජය ඝෝෂා හඩ යනාදිය මෙම ක්‍රීඩාවේදී යොදාගෙන තිබෙන්නේ සැබෑ මෝටර් රථ තරගයක අත්දැකීම ක්‍රීඩකයාට වඩාත් හොදින් දැනෙන සේය. එසේම දිවා රාත්‍රී තරග වලදී ඊට ගැළපෙන සේ ආලෝක පරිපාලනය හොදින් කර තිබේ. මෙම ක්‍රීඩාවේ ස්වරූපය පෙන්වන වීඩියෝ සහ වෙනත් දෑ www.projectcarsgame.com යන ප්‍රොජෙක්ට් කාර්ස් ක්‍රීඩාවේ නිල වෙබ් අඩවියෙන් බලා ගත හැක.

අපිට කරන පොඩි උදව්වක් විදිහට මේ පහළින් තියෙන ඇඩ් එකත් ක්ලික් කරලම යන්න J :D

SHARE THIS POST

Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.

0 comments :

මැල්වෙයා වැසි වසී.

භයානක ඇඩ් ඔන් 200ක් ගූගල් ක්රෝම් වෙතින් ඉවතට!




          අන්තර්ජාලය භාවිතා කරන්නන්ට දැන් තිබෙන ලොකුම අනාරක්ෂාව මතුව තිබෙන්නේ වෙබ් බ්‍රවුසර් වලට සම්බන්ධ කෙරෙන බ්‍රවුසර් ඇඩ් ඔන් වලින් බව ගූගල් සමාගම කියයි. අන්තර්ජාලයට පිවිස කරන කියන වැඩ සහ සොයා බලන දේ ගැන මතු නොව පර්ගණකයේ ඇති පෞද්ගලික තොරතුරු පවා අන් අය අත පත් කරන්නට මෙම ඇඩ් ඔන් වලට පුළුවන.

          වෙබ් බ්‍රවුසරයක් මගින් කරන්නේ අප ඉල්ලා සිටින වෙබ් අඩවියක් පරිගණක තිරයෙන් පෙන්විය හැකි සේ සැකසීමයි. එය කරනවාට අමතර වශයෙන් තවත් නොයෙක් පහසුකම් සපයන්නට වෙබ් බ්‍රවුසර් සමාගම් විසින් ඇඩ් ඔන් ලබා දෙයි. මෙම ඇඩ් ඔන් ඒ ඒ සමාගම් වල නිල වෙබ් අඩවිවල ලබා ගත හැකි නිසා කවුරුත් සිතන්නේ ඒවා ආරක්ෂිතයි කියාය. එහෙත් එය වැරදිය. මෙම ඇඩ් ඔන් තුන්වෙනි පාර්ශවයක් විසින් සකසනු ලදුව, මූලික ආරක්ෂක පරීක්ෂාවකින් පසුව මෙම නිල වෙබ් අඩවිවලට නිකුත් කරන ඒවාය. එහෙත් මෙම මූලික ආරක්ෂක පරීක්ෂාව මග හැර යා හැකි සේ හැකර්කරුවන් විසින් ඇඩ් ඔන් තනනු ලබයි. එවිට මූලික පරීක්ෂාවට අනුව මේවා අහිංසකය. එහෙත් සියුම්ව සලකා බලන විට නපුරුය.



          ක්රෝම් වෙබ් බ්‍රවුසරය ඉදිරිපත් කරන ගූගල් සමාගම ඇමරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලය සමග එක්ව මෙවැනි නරක හෝ අනවශ්‍ය ඇඩ් ඔන් කෙතරම් වේ දැයි සොයා බැලීය. ක්රෝම් වෙබ් බ්‍රවුසරය භාවිතා කරන්නන් අතරින් කෝටි 10 (මිලියන 100ක්) පමණ දෙනාගේ වෙබ් බ්‍රවුසර් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඉන් සීයට පස් දෙනෙකුගේ වෙබ් බ්‍රවුසර් වල නරක ඇඩ් ඔන් ඇතැයි ගූගල් සමාගම සොයා ගත්තේය. ඉන්පසු එවැනි ඇඩ් ඔන් හෙවත් බ්‍රවුසර් එක්ස්ටෙන්ෂන් (browser extension) 200ක් ගූගල් ක්රෝම් වෙබ් ස්ටෝර් වෙතින් වහාම ඉවත් කෙරිණි.

          මෙවැනි නරක බ්‍රවුසර් එක්ස්ටෙන්ෂන් මගින් කරන වැඩ ගණනාවකි. ඒවායින් බෝහෝමයක්ම බ්‍රවුසර් භාවිතා කරන්නන්ට හොද නැත. කරදරකාරීය

ඇතැම් එක්ස්ටෙන්ෂන් වෙබ් පිටුව සමග නැති, වෙනත් තැන්වල ඇති පොප් අප් දැන්වීම් වෙබ් පිටුවට එක් කරයි. ඇඩ් ඉන්ජෙක්ටර්ස් ලෙස හදුන්වන මේවා සැකසූ හැකර්කරුවෝ එම දැන්වීම්කරනයෙන් ආදායම් ලබා ගනිති.

ඇතැම් බ්‍රවුසර් ඇඩ් ඔන් වලින් කියවෙන මූලික සේවය සලසන ගමන්ම භාවිතා කරන්නාට නොදැනීම පරිගණකයේ ඇති ලොගින් නේම් සහ පාස්වර්ඩ් මෙන්ම ආරක්ෂිත වෙබ් අඩවි වලට පිවිසෙන ලොගින් නේම් මෙන්ම පාස්වර්ඩ් රැස් කරගනී. ඉන් පසු නරක ඇඩ් ඔන් එක තැනූ අය විසින් නියම කරනු ලබන සර්වරයකට ඒවා යවනු ලැබේ. ඇඩ් ඔන් එක තැනූ අය මේවා සයිබර් අපරාධකරුවන්ට විකුණති.

මෙවැනි බ්‍රවුසර් ඇඩ් ඔන් බ්‍රවුසරයට සම්බන්ධවෙන්නේ බොහෝවිට නොදැනුවත්වමය. අන්තර්ජාලය හරහා ලබා ගත හැකි පරිගණක වැඩසටහන් ඉන්ස්ටෝල් කරන විට ඒවා සමග සගවා ඇති ඇඩ් ඔන් බ්‍රවුසරයට එක් වෙයි. සමහර වෙබ් අඩවි වල ඇති ඉමේජස්, වීඩියෝ යනාදිය ඩවුන්ලෝඩ් කරන විට ඒවා සමග එන වෙබ් බ්‍රවුසර් එක්ස්ටෙන්ෂන්ද වෙයි.

දැන් මේ කිසිවකින් සම්පූර්ණයෙන් මිදෙන්නට අන්තර්ජාලය භාවිතා කරන අයට නොහැකිය. එහෙත් කල හැකි හොදම දෙය පරිගණක ආරක්ෂක විශේෂඥයෝ යෝජනා කරති. වෙබ් බ්‍රවුසරයෙන් වැඩ ගන්නා විට යම් නුහුරක් දැනේ නම් එහි තේරුම නරක ඇඩ් ඔන් ක්‍රියාත්මක වෙන බවයි. එවිට විශ්වාසනීය මැල්වෙයාර් ක්ලීනර් වැඩසටහනක් පරිගණකයේ ක්‍රියාත්මක කල යුතුය. එසේ නැතහොත් වෙබ් බ්‍රවුසරය අන්ඉන්ස්ටෝල් කර නැවත අලුතින් ඉන්ස්ටෝල් කරගත යුතුය. වෙබ් බ්‍රවුසර් නොමිලේ දෙන ඒවා නිසා මෙය කාටත් අපහසු නැත.

අපිට කරන පොඩි උදව්වක් විදිහට මේ පහලින් තියෙන ඇඩ් එකත් ක්ලික් කරලම යන්න..... :D J

SHARE THIS POST

Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.

0 comments :

ඇන්ඩ්‍රොයිඩ් නරක් වෙයි. ‍| ප්ලේ ස්ටෝර්හි මැල්වෙයා ඇප්ස් පිරී තිබේ.




ගූගල් ප්ලේ ස්ටෝර් වෙතින් ලබා ගන්නා ඇප්ස් වලින් වුවත් ඉතා නරක ඇන්ඩ්‍රොයිඩ් ඇඩ්වෙයා පැතිරෙන්නට පුළුවන. අන්තර්ජාල ආරක්ෂාවට සම්බන්ධ වැඩවල නිරත අවාස්ට් (Avast) සමාගම පසුගිය 2015 පෙබරවාරි මාසයේ පල කළ වාර්තාවකින් මේ බව කියා තිබේ. මෙහිදී අවාස්ට් පර්යේෂකයින් විසින් ආදර්ශයක් වශයෙන් ඩුරාක් (Durak) නම් පරිගණක ක්‍රීඩා ඇප් එක ගැන කල විමසුම විග්‍රහ කරන ලදී.

මෙම ක්‍රීඩාව මිලියන දස වාරයක් හෙවත් කෝටි වාරයක් ඩවුන්ලෝඩ් කරගෙන ඇතැයි ගූගල් ප්ලේ ස්ටෝර් වෙබ් අඩවියෙන් පෙන්වයි. එනිසා කවුරුත් සිතන්නේ එය ආරක්ෂිත එකක් කියාය. එහෙත් මෙම ඇප් එක සකසා ඇත්තේ නරක කේතයක් (malicious code) ඇතුළත් කරමිනි. ඇප් එක ක්‍රියාත්මක කරන විට මෙම කේතයත් ක්‍රියාත්මක වී, ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ වේගය අඩුවී ගොස් ඇතැයි දැක්වෙන පණිවිඩයක් ලැබෙයි. එය සෑම අතින්ම පෙනෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියෙන් නිකුත් කරන පණිවුඩයක් මෙනි. එසේම එම පණිවුඩයෙන් කියන්නේ වේගය වැඩි කිරීම පිණිස තවත් වැඩසටහනක් ඉන්ස්ටෝල් කරගන්නා ලෙසයි. එසේම එම වැඩසටහන හෙවත් ඇප් එක තිබෙන තැනට යොමු කිරීමද කරයි.

මෙම යොමු කරන තැන හොද තැනක් නොවේ. එහි ඇති ඇතැම් ඇප් වල ගුණාංග පෙන්වන්නට යොදාගෙන තිබෙන්නේ විවිධ ඉමේජ් යොදා තැනූ හෙවත් ව්‍යාජ තිර සටහන්ය. බැලූ බැල්මට ඒවා ව්‍යාජය කියා හදුනා ගන්නට බැරිය. මෙහි ඇති තවත් සමහර ඇප් මගින් අපට නොදැනීම වෙනත් අයට අපගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගය හරහා එස්එම්එස් (SMS) යවා වෙළද ප්‍රචාරන කරන්නට ඉඩ දෙයි. එවිට එම නරක ඇප් එක නිර්මාණය කල තැනැත්තා එම එස්එම්එස් ව්‍යාපාරයෙන් ආදායම් ලබයි. එහෙත් ඊට වැය වෙන මුදල් හෙවත් බිල් ගෙවිය යුත්තේ අපයි.

මෙවැනි ඇප්ස් රාශියක්ම ගූගල් ප්ලේ ස්ටෝර් හි තිබෙන බව අවාස්ට් සමාගම පෙන්වා දෙයි. මේවා අතරින් හදුනාගන්නා ඒවා ඉවත් කිරීමට ගූගල් සමාගම වැඩ කරතත් එතෙක් ඇන්ඩ්‍රොයිඩ් උපාංග භාවිතා කරන කවුරුත් අනාරක්ෂිත තත්වයට පත්වෙයි. මෙම අනාරක්ෂාවෙන් මිදෙන්නට ක්‍රමයක් ලන්ඩන් යුනිවර්සිටි කොලීජියේ තොරතුරු ආරක්ෂාව පිළිබද විශේෂඥයෙක් වන ආචාර්ය ස්ටීවන් මර්ඩොක් ඉදිරිපත් කරයි.

ගූගල් ප්ලේ ස්ටෝර්හි ඇති නරක ඇප් ගැන ඔහුද පර්යේෂණ වල යෙදෙයි. ගූගල් ප්ලේ ස්ටෝර්හි තිබෙන නරක ඇප්ස් වල එය ඩවුන්ලෝඩ් කරගත් වාර ගනන මිලියන වලින් දක්වා තිබුනාට ඇත්ත වශයෙන්ම එය සිදුව නැති බව ඔහු කියයි. එය කරන්නේත් මැල්වෙයාර් සහිත ඇප්ස් නිර්මාණය කල අයමය. ඔවුන් විශේෂ පරිගණක වැඩසටහන් මගින් වේගයෙන් මෙම ඇප් ඩවුන්ලෝඩ් කරවයි. එවිට ගූගල් ප්ලේ කවුන්ටරය ඉහල යයි. එනිසා ඩවුන්ලෝඩ් කර ඇති වාර ගණන ඉතා වැඩි ඇප්ස් ගැන වැඩිපුර සැලකිලිමත් විය යුතු බව ආචාර්ය ස්ටීවන් මර්ඩොක් කියයි.

යම් ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්නට කලින් ඊට පෙරදී ඩවුන්ලෝඩ් කරනලද අය විසින් ලියන ලද විචාර හෙවත් කමෙන්ට්ස් කියවන ලෙස හේ උපදෙස් දෙයි. මෙම කමෙන්ට්ස් ඉවත් කරන්නට හෝ වෙනස් කරන්නට කාටවත් නොහැකිය. ඒවායේ යම් නරකක් කියා ඇත්නම් එම දෝෂ ගැන සැලකිලිමත් විය යුතුය. මුලින් කී ඩුරාක් පරිගණක ක්‍රීඩා ඇප් එකෙහි තිබී ආවාස්ට් පර්යේෂකයින් සොයා ගත් නරක ගැන කමෙන්ට්ස් ඊට කලින් බොහෝ දෙනෙක් විසින් ලියා තිබූ බව ආචාර්ය ස්ටීවන් මර්ඩොක් පෙන්වා දෙයි.


අපිට කරන පොඩි උදව්වක් විදිහට පහළින් තියෙන ඇඩ් එකත් ක්ලික් කරලම යන්න...... :D J   

SHARE THIS POST

Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.

0 comments :

HTTP 2.0 | අලුත් අන්තර්ජාල ප්‍රොටොකෝලය අනුමත වෙයි.




දැන් තිබෙනවාට වඩා ඉතා වේගයෙන් අන්තර්ජාලය හරහා වෙබ් අඩවි වලට පිවිසිය හැකි නව තාක්ෂණ ක්‍රමයක් දැන් අත්හදා බලා අවසන්ය. එය HTTP 2.0 ය. අන්තර්ජාලය සම්බන්ධ මෙවැනි තාක්ෂණයක් භාවිතයට ගන්නා විට එය අනුමත කරන්නේ අයිඊඑස්ජී (IESG – Internet Engineering Steering Group) ආයතනය විසිනි. පසුගිය 2015 පෙබරවාරි 17 වෙනිදා මෙම HTTP 2.0 ප්‍රමිතියට එසේ අනුමැතිය ලැබුණි. 2016 පටන් වෙබ් අඩවි ක්‍රියාත්මක වෙනු ඇත්තේ මෙම තාක්ෂණයට අනුවය. මෙය පසුගිය වසර 15 තුළ අන්තර්ජාල ප්‍රොටොකෝලයේ කළ දැවැන්තම වෙනසයි.

දැන් අන්තර්ජාලය ක්‍රියාත්මක වෙන්නේ 1989 මාර්තුවේදී ශ්‍රීමත් ටිම් බර්න්ස් ලී විසින් හදුන්වා දෙන ලද HTTP ප්‍රමිතියට හෙවත් ප්‍රොටොකෝලයට අනුවය. විවිධ වෙබ් ක්‍රමලේඛ භාෂාවලින් කේත ලියා ඇති සකසා ඇති වෙබ් පිටු වෙබ් බ්‍රව්සරයකින් පෙන්විය හැකි සේ එකම ප්‍රමිතියකට ගෙන එන්නේ මෙම HTTP (Hypertext Transfer Protocol) ප්‍රොටොකෝලයේ ක්‍රියාව මගිනි.

දැන් තිබෙන වෙබ් අඩවි මීට අවුරුදු 15 කට කලින් තිබූ ඒවාට වඩා සංකීර්ණය. ඉතා පැහැදිලි ජායාරූප, වීඩියෝ, ටෙක්ස්ට් මෙන්ම මෝස්තර යොදා ඇති වෙබ් පිටුවක් පැරණි තාක්ෂණයක් හරහා වෙබ් බ්‍රව්සරයකින් විවෘත වෙන්නට යන වේගය අඩු වෙයි. අනෙක් අතට මීට අවුරුදු 15කට කලින් තිබුනාට වඩා අද ලෝක ව්‍යාප්ත ජාලය අනාරක්ෂිතය. එහි ආරක්ෂාව තර කිරීමට පැරණි ප්‍රමිතියේ සීමාව මදිය. මෙම හේතු දෙක නිසාම අලුත් ප්‍රොටොකෝලයක අවශ්‍යතාව තදින් දැනුනත් එය සකසා ගැනීම පහසු වූයේ නැත.

මෙම නවතම HTTP 2.0 ප්‍රමිතිය සකසා තිබෙන්නේ ගූගල් සමාගම විසින් 2009 දී හදුන්වාදුන් එස්පීඩීවයි (SPDY) නම් තාක්ෂණය පදනම් කරගෙනය. මුලින්ම මෙය ගූගල් ක්රෝම් වෙබ් බ්‍රව්සරයට යොදා ගති. ඉන්පසු මොසිල්ලා ෆයර්ෆොක්ස්, සෆාරි සහ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් යනාදී වෙබ් බ්‍රව්සර්ද මෙම තාක්ෂණය භාවිතයට ගත්තේය. එසේම ෆේස්බුක් මෙන්ම මෘදුකාංග සේවා ලබාදෙන වෙබ් අඩවිද SPDY තාක්ෂණය භාවිත කරන්නට පටන්ගත්තේය. එබැවින් SPDY තාක්ෂණය පාදක කරගෙන HTTP 2.0 ප්‍රොටොකෝලය සැකසීම ප්‍රායෝගික ප්‍රවේශයක් වුණි.

මල්ටිප්ලෙක්සින් (multiplexing) ක්‍රමය මෙම SPDY තාක්ෂණයේ විශේෂාංගයකි. යම් වෙබ් සර්වරයක ඇති එකම වෙබ් පිටුවක් කීප දෙනෙකු විසින් එකම වේලාවේ ඉල්ලාසිටින විට කෙලින්ම එම වෙබ් පිටු වෙබ් බ්‍රව්සරය වෙත සම්බන්ධ කිරීමට මෙනිසා පුළුවන. එනම් තනි ජාල සම්බන්ධතාවක් මගින් ඉල්ලීම් ගනනාවක් සපයයි. ඒ නිසා වෙබ් පිටු ලැබීමට යන කාලය අඩුවෙයි. මෙම SPDY තාක්ෂණය යොදාගන්නා නිසා HTTP 2.0 මගින් වෙබ් පිටුවක් ලැබෙන වේගය HTTP 1.0 ට වඩා දෙගුණයකින් වැඩි වෙයි.

එසේම HTTP 2.0 ප්‍රොටොකෝලය, වෙබ් පිටුවල ආරක්ෂාව පිණිස ඒවායේ දත්ත කොටස් වලට කඩා හුවමාරු කරයි. වෙබ් බ්‍රව්සරයට සම්බන්ධ විශේෂ වැඩසටහනකින් හෙවත් ඇල්ගොරිදමයකින් ඒවා එකලස් වී වෙබ් පිටුව පෙන්වයි. මෙම ක්‍රමය එන්ක්‍රිප්ෂන් (Encryption) කියා හදුන්වයි. මෙයත් SPDY තාක්ෂණයේම තිබූවකි. මේනිසා නවතම HTTP 2.0 ප්‍රොටොකෝලයට අනුව අන්තර්ජාලය ක්‍රියාත්මක වන විට වෙබ් පිටු ලැබෙන වේගය වැඩිවෙනක් මෙන්ම එහි ආරක්ෂාවද වැඩිවෙයි. එනම් විවෘත වෙන වෙබ් පිටු මගින් එය නරඹන්නාට හෝ පරිගණකයට හෝ අනර්ථයක් වෙන්නේ නැත. හැකිං සහ ෆිෂිං ප්‍රහාරවලට ලක් වීම එනිසා අඩුවෙයි. අන්තර්ජාලය කලින්ට වඩා ආරක්ෂිත මෙවලමක් බවට පත්වෙයි.

අපිට කරන පොඩි උදව්වක් විදිහට පහළින් තියෙන ඇඩ් එකත් ක්ලික් කරලම යන්න..... J :D      

SHARE THIS POST

Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.

0 comments :

වින්ඩෝස් 10 යනු ෆ්‍රීවෙයා එකකි. | ක්රුක්ඩ් වර්ෂන් වුවත් නොමිලේ අප්ග්‍රේඩ් කරගත හැකිය.



           අලුත්ම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය එළැඹෙන ජූනි මාසයේ නිකුත් කරන බව පසුගිය මාර්තු 18 වෙනිදා මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනය කළේය. ඒ චීනයේ ෂෙන්ෂෙන් නුවරදී පැවැත්වූ වින්හෙක් සමුළුවේදීය. මයික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති පිළිබද ප්‍රධානියා වන ටෙරී මයර්සන් එහිදී ප්‍රකාශ කළේ, වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය මුදලට විකුණන එකක් නොව නොමිලේ දෙන අප්ග්‍රේඩ් එකක් බවය. එනම් දැනට ක්‍රියාත්මක වන වින්ඩෝස් 7, 8 සහ වින්ඩෝස් 8.1 යන ඕනෑම මෙහෙයුම් පද්ධතියක් වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය බවට නොමිලේ උසස් කර ගත හැකිය.
           
     මෙහිදී මයික්‍රොසොෆ්ට් සමාගම තවත් විස්මය දනවන නිවේදනයක් කළේය. එනම් මිලදී ගත් නියම වින්ඩෝස් (Genuine) මෙහෙයුම් පද්ධතියක් නොව අනියම් ලෙස ලබා ගත් මෙහෙයුම් පද්ධති වුවත් මෙසේ උසස් කර ගත හැකි බව ය. මේ සමගම ලොව ඇති සියලුම වින්ඩෝස් මෙහෙයුම් පද්ධති නියම ඒවා බවට ඉබේම පත් වේ. හොර කොපි කියා දෙයක් එවිට නැත.

     මෙතෙක් කාලයක් ව්‍යාජ මෘදුකාංග ව්‍යාප්තවීම වළක්වන්නට ඉතා වෙර වීර්යයෙන් වැඩ කල මයික්‍රොසොෆ්ට් සමාගම දැන් එම සටන අත හැර දමා තිබෙන්නේ එය දිනිය නොහැකි තැනට වැඩ සැලසී ඇති නිසා බව විචාරකයෝ කියති. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව හා චීනය යන රටවල භාවිතා කරන වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වලින් වැඩි පංගුවක් නියම විදියට මිලදී ගත් ඒවා නොවේ. ආරක්ෂක උපක්‍රම ඉවත් කර කාටත් ස්ථාපනය කර ගත හැකි සේ සකස් කර ගත් ඒවාය.
          
     මෙය වලක්වන්නට බොහෝ වියදම් කලේ මයික්‍රොසොෆ්ට් සමාගමයි. මෘදුකාංග සක්‍රිය කිරීමේ ක්‍රමය (Software Activation) ලොවට හදුන්වා දුන්නේ මයික්‍රොසොෆ්ට් සමාගම විසිනි. ඒ 2001 දී වින්ඩෝස් එක්ස්පී මෙහෙයුම් පද්ධතිය සමග ලයිසන්ස් කීස් ඉදිරිපත් කරමිනි. එහෙත් මෙය මගහැර යා හැකි විවිධ උපක්‍රම මෘදුකාංග කොල්ලකරුවන් විසින් සොයාගන්නා ලදී. ඉන්පසු මෙම ඇක්ටිවේෂන් ක්‍රම කොතරම් දියුණු කලත් ඒවා සෑම එකක්ම අසාර්ථක වුනි. නීති මගින් මෘදුකාංග කොල්ලකරුවන්ට එරෙහිව කටයුතු කිරීමේ ව්‍යාපාර, මහජන මතය ඇති කිරීමේ ව්‍යාපාර යනාදිය මයික්‍රොසොෆ්ට් සමාගම දියත් කලත්, පසුගිය දශකය පුරාම ඔවුන් උගෙන ඇත්තේ එක් පාඩමකි. එනම් මෘදුකාංග කොල්ලය නවතාලිය නොහැකි බවයි. අවසානයේදී වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නොමිලේ දෙන තැනට මයික්‍රොසොෆ්ට් සමාගම පැමින සිටී.
          
     ඇපල් ඕඑස්එක්ස් (OSX) මෙහෙයුම් පද්ධතියේ උසස් කිරීම් 2013 පටන් නොමිලේ දෙයි. ඇපල් සමාගමට ඉන් අහිම වන ආදායම ලබා ගන්නේ පරිගණක උපාංග වෙළදාම දියුණු කර ගැනීමෙනි. ගූගල් සමාගම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය නොමිලේ දෙයි. ඔවුන් ආදායම් උපයා ගන්නේ ගූගල් ප්ලේ ස්ටෝර් හරහා ඇප්ස් විකිණීමෙන් සහ එම ඇප්ස් හරහා කරන වෙළද දැන්වීම්කරණය මගිනි.
          
     මයික්‍රොසොෆ්ට් සමාගමත් දැන් ටැබ්ලට් සහ නෝට් බුක් පරිගණක විකුණයි. ඔෆීස් 365, ස්කයිප්, වන්ඩ්‍රයිව් යනාදී සේවා අයත් ක්ලවුඩ් සේවා ගනනාවක් මයික්‍රොසොෆ්ට් සමාගම සතුය. මේ සියල්ලෙන් ලබන ආදායම ගත්විට, වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සහ ඔෆීස් මෘදුකාංග විකුණා ලබන ආදායම එම මුළු ආදායමෙන් 16% කි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධති නොමිලේ දීමෙන් අඩුවන ආදායම, ඒ මෙහෙයුම් පද්ධති පාවිච්චි කරන්නන් වෙත වෙනත් වින්ඩෝස් සේවා විකුණා ලබා ගැනීම මයික්‍රොසොෆ්ට් සමාගමේ නව වෙළද උපක්‍රමයයි.  



අපිට කරන පොඩි උදව්වක් විදිහට පහලින් තියෙන ඇඩ් එකත් ක්ලික් කරලම යන්න.... :D :) 

SHARE THIS POST

Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.

0 comments :