ඩිජිටල් ඉසිවර ඇසක් | අනාගතය කිවහැකි පරිගණක වැඩසටහනක් එයි.


මයික්‍රොසොෆ්ට් රිසර්ච් ආයතනය සහ ඊශ්‍රාෙයලයේ ටෙක්නියන් ආයතනය එක්කව ආනාගතයේ වෙන දේවල් කලින් කිව හැකි පරිගණක වැඩසටහනක් නිපදවා තිබෙයි. පර්යේෂකයින් කියන්නේ දානටමත් මෙමගින් 70% ත් 90% ත් අතර නිවැරදිතාවක් ඇතිව අනාගතය පුරෝකථනය කළ හැකි බවයි.

        මෙම පරිගණක වැඩසටහනෙන් කරන්නේ අතීතයේ සිදුවීම් විශ්ලේෂණය කොට ඒවා ඇසුරෙන් අනාගතයේ විය හැකි දේ ගැන තීන්දුවකට ඒමයි. වසංගත පැතිරීම, නියගය සහ ගංවතුර වැනි ස්වාභාවික විපත් සහ වෙනත් පාරිසරික වෙනස්කම් යනාදිය මෙම වැඩසටහන ඇසුරෙන් කලින්ම දැන ගන්නට පුළුවන.

        මයික්‍රොසොෆ්ට් රිසර්ච් ආයතනයේ විද්‍යාඥ එරික් හෝවිට්ස් සමග ඊශ්‍රාලයේ ටෙක්නියන් (Technion Israel Institute of Technology ) ආයතනයේ පර්යේෂිකා කිරා රැඩින්ස්කි මෙම වැඩසටහන නිපදවූහ. ඔවුන් විසින් එය පරීක්ෂා කිරීමට යොදාගනු ලැබූයේ, නිව්යෝක් ටයිම්ස් (New York Times) පුවත්පතේ පැරණි වාර්තාය. 1986 සිට 2007 දක්වා වසර 22ක් තිස්සේ මේ පුවත්පත් බලා, ඒවායින් නිතර නිතර වාර්තා කොට තිබූ සිද්ධි කිහිපයක් තෝරා ගත්හ. ඒවා ඇසුරු කොට විය හැකිදේ මොනවාද කියා විමසා බැලූහ. අනතුරුව කළේ, පරිගණක වැඩසටහනෙන් පුරෝකථනය කළ දින වකවානුවල සිදුවීම් වාර්ථාවී දැයි පුවත්පත් වාර්තා ඇසුරෙන් සොයා බැලීය. එවාට පෙනුනේ පරිගණක වැඩසටහනෙන් දන්වන පිළිවෙලට ඒවා සිදුවී ඇති බවයි. ඇන්ගෝලාවේ නියගය (2006) සහ බංගලාදේශයේ නියගය (1973) කොලරා වසංගතය (1974) අප්‍රිකාවේ සුළි කුණාටු (2007) යනාදිය මෙසේ විමසා බැලුණු සිදුවීම්ය.

        මෙම නව පන්නයේ පරිගණක වැඩසටහනේ දත්ත විශ්ලේෂණ ක්‍රමවේදය සෑහෙන තරමට නිවැරදි බව දැන් තහවරු වී ඇතැයි මයික්‍රොසොෆ්ට් රිසර්ච් ආයතනය කියයි. එහෙත් එසේ විශ්ලේෂණය කිරීම සදහා නිවැරදි දත්ත තිබිය යුතුය. දත්ත වැඩිවෙන තරමට, ඒ දත්ත නිවැරදි වෙන තරමට, පුරෝකථනය සාර්ථක වෙයි. මේ නිසා පර්යේශකයින් දැන් උනන්දු වෙන්නේ නිවැරදි තොරතුරු රැස් කිරීමටය. මෙවැනි තොරතුරු රැස් කර ගැනීමට මාධ්‍ය ගණනාවක්ම තිබේ. විකිපීඩියා (Wikipedia) ඔන්ලයින් විශ්වකෝෂය එවැන්නකි. එසේම ඩීබීපීඩියා (DBPedia) ඔන්ලයින් දැනුම් කෝෂයද හොද තොරතුරු සමුදායකි. සාමාන්‍ය දැනුම දෙන හොදම ඔන්ලයින් සේවය වෙන ඕපන්සයික් (OpenCye) සහ වචන වල අරුත් දෙන වර්ඩ් නෙට් (WordNet) මෙසේ තොරතුරු ලබා ගත හැකි උසස් මට්ටමේ මූලාශ්‍ර දෙකකි.

        මේ සියලු මූලාශ්‍ර වලින් ලබා ගන්නා තොරතුරු, පුරෝකථන වැඩසටහනට බද්ධ කල යුතුය. ඉන්පසුව ප්‍රමුඛත්වය දිය යුතු මාතෘකා තෝරා ගෙන ඊට සම්බන්ධ දත්ත විශ්ලේෂණය කල යුතුය. එවිට අනාගතයේ විය හැකිදේ ගැන දැන ගත හැක.

        මයික්‍රොසොෆ්ට් සමාගම කියන්නේ තමන්ගේ මෙම පරිගණක වැඩසටහන මුදල් ඉපයීමේ අරමුණින් සැකසූ එකක් නොවේ කියාය. එය ලෝක සේවයක් සේ ඉදිරිපත් කරන්නෙකි. මෙම සේවය පුළුවන් තරම් දියුණු කොට, ලෝකයේ අනාගතය දකින දිවැසි ඇසක් බවට එය පත්කර ගැනීම පර්යේෂකයින් ගේ බලාපොරොත්තුවයි.

        ඔන්න ඔහෙනම් දැනට වැඩ ඉවරයි. හැමෝටම සුබ දවසක් කමෙන්ට් එකක් දාලම යන්න.   
       අපිට කරන පොඩි උදව්වක් විදියට මේ පහලින් තියෙන ඇඩ් එකත් ක්ලික් කරන්න.        


SHARE THIS POST

Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.

0 comments :