කැමති විදියකට සබ් දාන්න,


හොදයි මම දැන් කියන්න යන්නේ ෆිල්ම් එකකට සබ් දාන්නෙ හරි එඩිට් කරන්නේ කොහොමද කියල. සබ් එඩිට් කරන්න තියෙන ලේසිම ක්‍රමේ තමයි නෝඩ් පෑඩ් එකෙන් තියෙන සබ් එක ඕපන් කරගෙන එඩිට් කරන එක. ඒත් මේ ක්‍රමේදී අපිට කැමති තැන් වලින් සබ් දාන්න එහෙම බෑ අනික මේ විදියට නෝට් පෑඩ් එකෙන් ඕපන් වෙන්නෙ සමහර ෆෝමැට් වල සබ් විතරයි. ඒක හින්ද මම අරගෙන ආව පොඩි සොෆ්ට්වෙයාර් එකක්. ඒක නමින් Aegisub මේ සොෆ්ට්වෙයාර්  එක මෙතනින් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න ඕනෙ. මේක නොමිලේ දෙන සොෆ්ට්වෙයාර් එකක් ඉතින් කිසි ප්‍රශ්නයක් නෑ. දැන් ඩවුන්ලෝඩ් කර ගත්ත එක ඉන්ස්ටෝල් කරල වැඩ පටන් ගන්න ඕනෙ.
      මුලින්ම ඔයාල මේකෙ තියෙන වීඩියෝ කියන ටැබ් එක ක්ලික් කරල සබ් දාන්න ඕනෙ වීඩියෝ එක ඕපන් කර ගන්න ඕනෙ. ඊට පස්සෙ ඕඩියෝ කියන ටැබ් එක ක්ලික් කරල Open Audio From Video කියන එක ක්ලික් කරන්න ඕනෙ. දැන් වීඩියෝ එක රන් කරපුවම ඕඩියෝ එකත් රන් වෙනව.
      සබ් දාද්දි සබ් එක පටන් ගන්න ඕනෙ තැන තෝරන්නෙ මෙන්න මේකෙන්,
ඒකම ctrl + 3 එකෙනුත් කරන්න පුළුවන්. ඊට පස්සෙ සබ් එක ඉවර වෙන තැන තෝරන්නෙ මේකෙන්,
ඒකට ctrl + 4 එබුවත් කමක් නෑ. ඊට පස්සෙ ඔයාලට ඕනෙ සබ් එක ඔය දීල තියෙන බොක්ස් එකේ ටයිප් කරන්න,

දැන් ඊට උඩින් තියෙන Commit the text  කියන බටන් එක ඔබන්න. එතකෙට ඔයාල දාපු සබ් එක ඇඩ් වෙනව.
මේ විදියට ඔයාලට කැමති විදියට සබ් දාන්න තියෙන සබ් වෙනස් කරන්නත් පුළුවන්. දැන් මේ සබ් ඔයාල කැමති ෆෝමැට් එකකින් වීඩියෝ එකේ නමින් වීඩියෝ එක තියෙන ෆෝල්ඩර් එකටම සේව් කරගන්න. එතකොට නිකම්ම වීඩියෝ එකත් එක්ක සබ් රන් වෙනව. තව මේකෙ ගොඩක් වැඩකෑලි තියෙනව එව්ව ඔයාල පොඩ්ඩක් ටෙස්ට් කරල බලන්න. ප්‍රශ්න තියෙනවනම් කමෙන්ට් කරන්න. එහෙනම් ආයෙ පස්සෙ දවසක හම්බවෙමු හැමෝටම සුබ දවසක්.

සැ.යු.
මෙහිදී ඇති සියලු ලින්ක්ස් ක්ලික් කිරීමේදී ඔබට නිවැරදි පිටුව නොපෙන්වයි. ඔබට ඒ ලැබෙන වෙබ් පිටුව තප්පර 5ක් පමණ විවෘතව තබාගෙන සිට ඉන් පසු දකුණු පස ඉහල කෙලවරෙහි ඇති Skip Ad නැමැති බොත්තම ක්ලික් කිරීමෙන් ඔබට නිවැරදි වෙබ් පිටුව ලබා ගත හැක.
       අපිට කරන පොඩි උදව්වක් විදියට මේ පහලින් තියෙන ඇඩ් එකත් ක්ලික් කරන්න.


SHARE THIS POST

Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.

0 comments :