සවිබල බ්ලූ රේ | දහස් වසක් නොනැසී පවතින ඩිස්ක් වර්ගයක් එයි.
දැන් තිබෙන
සීඩී, ඩීවීඩී සහ බ්ලූ රේ යන මොන ඔප්ටිකල් ස්ටොරේජ් වර්ගයේ තැටියක් වුවත්
කොපමණ කාලයක් දත්ත රදවාගෙන සිටීද යන්න වග ස්ථිර සහතිකයක් දෙන්නට කවර
නිෂ්පාදකයෙක්වත් සමත් නැත. සදහන් කරන්නේ බොහෝ කාලයක් දත්ත රදවාගන්නට පුළුවන් බවය.
මෙම තැටිවල දත්ත රදවා ඇති තට්ටුව විනාශ වී ගිය ඕනෑම මොහොතක දත්ත විනාශ වෙන්නට
පුළුවන්. එහෙත් එසේ නොවී වසර 1000ක් තිස්සේ දත්ත රදවාගන්නට පුළුවන් සහතිකයක් දෙන
බ්ලූ රේ තැටියක් නිපදවා තිබේ. ඒ ඇමෙරිකාවේ මිලෙනියාටා (Milleniata) සමාගම විසිනි. ඔවුන්
නිපදවා තිබෙන මෙම බ්ලූ රේ තැටිය නම් කොට ඇත්තේ එම් ඩිස්ක් (M - Disc) කියාය. එහි යොදාගෙන
ඇත්තේ දැන් සාමාන්‍ය තැටි නිපදවන්නට යොදා ගන්නා තාක්ෂණයට වඩා වෙනස් තාක්ෂණයකි. එමගින්
දැන් තිබෙන තැටියක රදවන තොරතුරු විනාශ මුඛයට යන්නට හේතු වෙන උපන් ගෙයි දෝෂ ගණනාවක්
මගහරවා ඇත.
සාමාන්‍ය
තැටියක මතුපිට දත්ත රදවන සර්පිලාකාර තැටියක් තිබේ. ආලෝකය ආපසු හරවා එවන හෙවත්
පරාවර්ථක ප්‍රදේශ සහ පරාවර්ථක ගුණය නැති නෙරුම් මෙම පථය හෙවත් ට්රැක් එක දිගේ පිහිටා
තිබේ. මෙහි ඇති පරාවර්ථක ප්‍රදේශයක්, ඩිජිටල් ක්‍රමයේ ‘ 1 ‘ නිරූපණය කෙරේ. පරාවර්ථක
නොවෙන නෙරුමකින් ඩිජිටල් ක්‍රමයෙන් ‘ 0 ‘ යන්න නිරූපණය කෙරේ. එනම් ‘ 1 ‘ සහ ‘ 0 ‘ යන අංක කාණ්ඩ මගින් අනු
ලක්ෂණ (characters) නිරූපණයවීම නිසා පරිගණක භාෂාවකට කියවිය හැකි සේ තොරතුරු
රැදේ.
සාමාන්‍ය
බ්ලූ රේ තැටි වල දත්ත රදවන සර්පිලාකාර පථය සකසා තිබෙන්නේ රසායන ද්‍රව්‍ය
තට්ටුවකිනි. එය කාබනික දුව්‍ය තට්ටුවකිනි. මෙම තැටිවල දත්ත ලියන විට දත්ත නිරූපණය
කරමින් නික්මෙන කිරණ මගින් මේ රසායන ද්‍රව්‍ය තට්ටුවේ යම් යම් ස්ථාන රත් කෙරේ.
ඉන්පසුව ඒවා සිසිල් කෙරේ. එවිට ඇතිවෙන ආලෝකය පරාවර්තනය වන සහ නොවෙන රසායන ද්‍රව්‍ය
තට්ටුවකි. එහි නිර්මාණය වන රටාවෙන් තොරතුරු රැස්ව තිබේ. මෙම ඩයි තට්ටුව නිරුපද්‍රතව
තිබෙතාක් කල් තැටියේ තොරතුරු නැවත ලබා ගත හැකිය. එනම් යම් තැටියක තොරතුරු රදවා ගත
හැකි කාලය වැඩි කරන්නට නම් මෙම දත්ත රදවා ඇති රසායන ද්‍රව්‍ය තට්ටුවේ ආයු කාලය
වැඩි කල යුතුය.
දැන්
නිපදවා තිබෙන එම් ඩිස්ක් බ්ලූ රේ තැටියේ ඩයි තට්ටුව වෙනුවට යොදා ගෙන ඇත්තේ ලෝහ
මිශ්‍රිත (metalloid) රසායන ද්‍රව්‍යයකි. එය කෙතරම් සවිමත් දැයි කිවහොත් එහි
දත්ත රැදවීමට සැකසූ රටාව කටුක පරිසර තත්වයක් යටතේ වුවත් වෙනස් වෙන්නේ නැත. නිෂ්පාදකයින්ගේ
තක්සේරුවට අනුව මෙය වසර දහසක් නොනැසී පවතී.
අපිට කරන පොඩි උදව්වක් විදියට මේ පහලින් තියෙන ඇඩ් එකත් ක්ලික් කරන්න.
අපිට කරන පොඩි උදව්වක් විදියට මේ පහලින් තියෙන ඇඩ් එකත් ක්ලික් කරන්න.





















0 comments :