පරිගණකය පිළිබද නොදත් දේ,
පරිගණක වල ඉතිහාසය,
මිනිසා විසින් නිපදවන ලද
පළමු පරිගණක උපාංගය ඇබකසය යි. එහා-මෙහා කොට ගණන් කළ හැකිවන සේ සිරස් දඩු වල (vertical rods) කළඹ (series) වශයෙන් සැකසූ කුඩා පබළු
තිබේ. යම් හැකියාවක් හා පුහුණුවක් සමගින්
ඇබකසයෙන් වේගවත්ව ගණනය කිරීම් කරන්නට
පුළුවන. සම්මත ඇබකසයෙන් (standard abacus) එකතු කිරීම (addition), අඩු කිරීම (subtraction), බෙදීම (division), වැඩි කිරීම (multiplication) කළ හැක.
ඇබකසයට
අමතර වශයෙන් 10ට වා වැඩි ඉලක්කම් හැසිරවීමේ හැකියාව ලාබා දෙන අංක ක්‍රමයක් (numbering
system) ආදි මිනිසා සොයා ගෙන තිබුණි. ආදි හින්දු - අරාබි ආභාශය
ලැබූ දශම (decimal) අංක ක්‍රමය එවැනි එක් අංක ක්‍රමයකි. 0 සිට 9 දක්වා
විශේෂ අංක කොටස් (specific digits) භාවිතා කෙරෙන දශම ක්‍රමය
අද දක්වාම නොනැසී පවතී.
යාන්ත්‍රික පරිගණක යුගය,
ටේප්
රෙකෝඩර්වල ගණක උපාංග (counters) හා ඔඩෝමීටර් වැනි
තැන්වල අදටත් පැස්කල්ගේ මූලධර්මය භාවිතා වේ.පැස්කල්ගේ යන්ත්‍රය ලොව පලමු යාන්.්‍රික
ගණක උපකරණවලින් එකකි.
1674 දී
ජර්මිනියේ ගොඩ්ෆ්‍රීඩ් විල්හෙල්ම් ෆොන් ලයිබ්නීට්ස් විසින් පැස්කල්ගේ යන්ත්‍රය
වෙනස් කළේය. ඒ සමග එකතු කිරීම් හා අඩු කිරීම් කරනා තරමිම පහසුවෙන් බෙදීම් හා ගුණ
කිරීම්ද කරන්නට පුළුවන් වුනි.
ජෝසප්
ජැකාඩ් නම් ප්‍රංශ ජාතිකයා විසින් නිපදවන ලද යාන්ත්‍රික රෙදි විවීමේ යන්ත්‍රය
කාර්මීකරණය පිළිබද ඉතිහාසයේ වෙනස්කම් අතර මුලටම එන්නකි. රෙදි කර්මාන්තශාලා
හිමියෙකු වූ ජෝසප් ජැකාඩ් සිදුරු කළ කාඩ් පත් යොදා ගනිමින් විවිධ මෝස්තර වල රෙදි
විවීමට මෙම යන්ත්‍රය භාවිතා කළේය.
කළින්
සැලසුම් කළ මෝස්තරයක් සිදුරු සෑදූ කාඩ් පතක (Punched Card) තැම්පත් කොට තැබිය හැකි
වීමේ අදහස, 19 වැනි සියවසේ විසූ ඉංග්‍රීසි ජාතික ගණිතඥයෙකු වූ චාල්ස් බැබේජ්ගේ සිත
කළඹාලීය. යන්ත්‍රයක මතකය තුළ අගයන් තැන්පත් කොට ඒවා තාර්කිකව සැසදීමෙන් ඕනෑම ගණනය
කිරීමක් කළ හැකි යන්ත්‍රයක් ගැන ඔහු කල්පනා කළේය. ඔහු එය නම් කළේ විශ්ලේෂක යන්ත්‍රය (Analytical
Machine) කියාය. බැබේජ්ගේ විශ්ලේෂක යන්ත්‍රය කිසිදා බිහි වූයේ
නැත. බැබේජ්ගේ සිහින යන්ත්‍රය නිර්මාණය කරන්නට එකල තාක්ෂණය ප්‍රමානවත් නොවීමත්,
ඉලෙක්ට්‍රෝනික උපාංග සොයා ගෙන තබා ඒ ගැන සිතාවත් නොතිබීම ඊට හේතුවිය.
ජැකාඩ්ගේ
සිදුරු කළ කාඩ් ක්‍රමය ඇසුරෙන් හර්මන් හොලිරිත්, ජනලේඛන (census data) ක්‍රමයක් සැකසීය.
හෝඩියේ අකුරු හා අංක නිරූපණය කරන සිදුරු කළ කාඩ් හෙවත් පන්ච්ඩ් කාඩ් සමූහයකට ජන
ලේඛන දත්ත
පරිවර්ථන කෙරිණි. ඉන් පසු එය පන්ච්ඩ් කාඩ් පතෙහි සිදුරු ඇති - නැති බව රදා
පවතින සක්‍රීය (on) හා අක්‍රීය (off) වෙන විද්‍යුත් ස්පර්ශක (electrical contact) මාලාවක් සහිත යන්ත්‍රයක්
හරහා ගමන් කරවීය. මෙම සක්‍රීය,අක්‍රීය තත්ව, යන්ත්‍රයක් මගින් සටහන් කොට ගත් අතර
එමගින් ජන ලේඛන ප්‍රථිපල පෙන්වීය. හොලරිත් විසින් දියුණු කළ මෙම කේත ත්‍රමය
හොලරිත් කේතය (Hollerith Code) ලෙස හදුන්වයි.
හොලරිත්
යන්ත්‍රය අතිශය කාර්යක්ශම වූවේය. එමගින් ජනලේඛන දත්ත අතින් සකසන්නට ගත වෙන කාලයට
වඩා තුනෙන් එකනින් අඩු කාලයකින් ඒ වැඩ කරන්නට පුළුවන් වුනි.
හොලරිත්ගේ
යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමේදී විදුලියද යොදාගත් නිසා එය අයත් වෙන්නේ ඉලෙක්ට්‍රෝ
යාන්ත්‍රික පරිගණක (Electro – Mechanical Computer) යටතටය.
හාවාඩ්
විශ්වවිද්‍යාලයේ හොවාඩ් අයිකන් සහ එම විශ්ව විද්‍යාලයේ හා අයිබීඑම් (IBM) සමාගමේ සිටි ඔහුගේ
පිරිසක් විසින් 1944 දී ලොව පලමු ස්වයංක්‍රීය අනුපිළිවල අනු ක්‍රියාත්මක වන ගණක
යන්ත්‍රය වෙන මාර්ක් 1 නිපදවන ලදී. නූතන පරිගණක (Modern Computers) යුගය ඇරඹුනේ එතැනෙනි.
මෙම මාර්ක්
එක උපකරණයේ ස්විච් හැසිරවීමෙන් එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, වැඩි කිරීම යනාදී
සියලු ගණනය කිරීම් කළ හැකි විය. එයට සම්බන්ධ කර තිබූ යතුරු ලියනයක් මගින් එහි ප්‍රතිදානය
බලා ගත හැකි විය. එය යාන්ත්‍රික ප්‍රතියෝජක
(relay) 3000 කින් සමන්විත වූ
අතර මෙම උපකරණයේ මුළු බර ටොන් 5ක් පමණ විය. මෙම උපකරණය වසර 15 ක් පමණ භාවිතා
කෙරිණි.
මේකෙ ඉතුරු
ටිකත් එක්ක තවත් දවසක අපි හම්බ වෙමු. එහෙනම් සුබ දවසක්. මතක් කරල කමෙන්ට් එකක් දාල යන්න.
අපිට කරන පොඩි උදව්වක් විදියට මේ පහලින් තියෙන ඇඩ් එකත් ක්ලික් කරන්න.
අපිට කරන පොඩි උදව්වක් විදියට මේ පහලින් තියෙන ඇඩ් එකත් ක්ලික් කරන්න.


0 comments :