පරිගණක පිළිබද නොදත් දෑ (PART 2),
ඔන්න අද මම අරගෙන ආව එදා පෝස්ට් එකේ 2වැනි කොටස. පලවෙනි
කොටස බලපු නැති අය මෙතනින් ගිහින් පලවෙනි කොටස බලන්න.
රික්ත නල යුගය,
ලොව පලමු ඉලෙක්ට්‍රොනික ඩිජිටල් පරිගණකය වෙන්නේ එනියැක් (ENIAC) ය. එය 1946 දී ගොඩ නැංවූ අතර එහි රික්ත නල (vaccum tubes) 18000 ක් පමණ භාවිතා කර තිබේ.
රික්ත නල
තාක්ෂණය යොදා ගන්නා පරිගණකයක් පලමුවන පරම්පරාවේ පරිගණක ලෙස හදුන්වයි. එනියැක්
යන්ත්‍රයට එක ගණනය කිරීමක් සදහා මිලිතප්පර 0.2 කාලයක් ගත වුනි. (මිලි තප්පරය යනු
තප්පරයකින් දාහෙන් පංගුකි) මෙහි තේරුම මෙම යන්ත්‍රයට තප්පරයකදී ගණනය කිරීම් 5000
ක් පමන කිරීමේ හැකියාව තිබූ බවයි. මෙම උපකරණය තැබීම සදහා පොලව මතුපිට වර්ග අඩි
15000 ක පමණ ඉඩක් අවශ්‍ය විය.
1950
දශකයෙහි මුල් භාගයේදී රෙමින්ටන් රැන්ඩ් විසින් එනියැක් යන්ත්‍රය තවදුරටත් දියුණු
කරමින් යුනිවැක් නම් යන්ත්‍රයය නිපදවන ලදී. මෙමගින් තප්පරයකදී එකතු කිරීම් 10000
ක් පමණ කිරීමේ හැකියාව තිබුණි.
1957 දී
අයිබීඑම් (IBM) සමාගම විසින් IBM 704 නම් පරිගණකය දියුණු
කරන ලදී. එයට තප්පරයකදී එකතු කිරීම් ලක්ෂයක් කිරීමේ හැකියාව තිබුණි.
ට්‍රාන්ස්සිස්ටර් යුගය,
1950
දශකයේ අග භාගයේ ට්‍රාන්ස්සිස්ටර් සොයා ගැනුණු අතර ඒවා එතෙක් පරිගණක වල භාවිතා වූ
දහස් ගණනක් වන රික්ත නල වෙනුවට යොදා ගත්තේය. ට්‍රාන්ස්සිස්ටර් පදනම් වූ පරිගණක වලට
තප්පරයකදී ගණනය කිරීම් දෙලක්ෂයේ සිට දෙලක්ෂ පනස්දහස දක්වා ප්‍රමාණයක් කිරීමේ
හැකියාව තිබුණි. ට්‍රාන්ස්සිස්ටර් වලින් යුත් මෙම පරිගණක, දෙවැනි පරම්පරාව ලෙස
හදුන්වයි.
මයික්‍රෝවිප් යුගය,
1971 න්
පසුව 4වැනි පරම්පරාවේ පරිගණක ආවේය. මේ පරිගණක පරිපථ අතින් ඉතා කුඩා වූවා සේම වැඩ
සටහන් කිහිපයක් ක්‍රියාත්මක කළ හැකි හෙවත් බහුක්‍රමලේඛණ (multiprogramming) ගුණය සහිත වුනි. එමෙන්ම
ප්‍රධන මතකයෙන් පිටත මතකයක් හෙවත් අතත්‍ය ආචයන (virtual storage memory) මතකයක් සහිත වුණි.
1980
දශකයේ ආ 5වැනි පරම්පරාවේ පරිගණක ඉතා වේගවත් ඒවාය. ඒවාට තප්පරයට ගණනය කිරීම් මිලියන
3 සිට මිලියන 15 දක්වා හැසිරවීමේ පුළුවන් කම තිබුණි. දැන් තිබෙන්නේ මෙම පරම්පරාවේ
පරිගණකයි.
එහෙනම් තවත් දවසක මේ වගේ පොස්ට් එකකින් හම්බවෙමු. හැමෝටම
සුබ දවසක්.



0 comments :