Remember Me | පරිගණක ක්‍රීඩාව
මෙය තමන්ගේ මතකය මකාදමා
ඒ වෙනුවට කෘතිම මතකයක් සවිකර ඇති කාන්තාවක්, එයින් මිදී නැවත තමන්ගේ ම.කය ලබා
ගැනීමට දරන උත්සහය ගැන කියවෙන කතාවක් පාදක කොටගෙන තැනූ පරිගණක ක්‍රීඩාවකි.
වර්ෂ
2084 දී ප්‍රංශයේ පැරිස් නුවර සිදුවේයැයි උපකල්පනය කරමින් නිර්මාණය කර ඇති මෙම
විද්‍ය ප්‍රබන්ධ පරිගණක ක්‍රීඩාවේ දී පැරිස් නුවර හදුන්වන්නේ නියෝ-පැරිස් ලෙසය.
එහි ඇති වෛද්‍ය තාක්ෂනික සමාගමක් විසින් කෘතිම මතකයක් සහිත උපාංගයක් නිර්මාණය කරනු
ලබයි. එමගින් මිනිසුන්ට තමන්ලේ මතකයේ ඇති සියලු දේ පරිගණකයක් වෙත යවා තැන්පත්
කරන්නට පුළුවන.
මේ කියන
කාලය වෙන විට නියෝ-පැරිස් හි බොහොමයක් ජනතාව මේ නව තාක්ෂණයට ඇබ්බැහි වී සිටිති.
කෙසේ හෝ මෙයින් සිදුවන්නේ මිනිසා තම බුද්ධිය සහ මතකය කෘතීමව පාලනය කර ගැනීමකි.
මෙම
පරිගණක ක්‍රීඩාවේදී පරිගණක ක්‍රීඩකයාට මෙහෙයවීමට සිදුවන නිලින් නැමති කාන්තාවද
බලහත්කාරයෙන් මෙම කෘතිම මතකය සවිකිරීමට ලක්වූ කාන්තාවකි. ඇය දක්ෂ සටන්කාරියකි. ඇයව
පැහැරගන්නා එක්තරා අපරාධ කල්ලියක් තමන්ගේ අපරාධ සදහා යොදා ගැනීමට ඇයගේ මතකය මකා
දමා කෘතිම මතකයක් සවි කරනු ලබයි.
කෙසේ හො
අපරාධ කණ්ඩායමට තමන්ගේ කාර්යය අවසන් කිරීමට නොදී ඇය පැන යන්නීය. මේ සදහා ඇය මෙහෙයවමින්
උදව් කරනු ලබන්නේ ඇගේ කෘතිම මතකයේ සිටි පුද්ගලයෙක්. ඔහු එජ් ය.
ඒ වන
විට ඇය ගැන කිසිවක් ඇයට මතක නැත. එජ්ගේ මතකය මගින් ඇය පත්ව ඇති තත්වයත්, ඉන්
මිදීමට අවශ්‍ය මතකයත් ලබා දේ.
අපරාධ
කල්ලියේ අධි ආරක්ෂිත සිර කදවුරෙන් පැන යන ඇයගේ අරමුණ තමන්ගෙන් ඉවත්කල පැරණි මතකය
නැවත ලබා ගැනීමත්, එම තාක්ෂණය යොදා මිනිසාට කර ඇති විනාශයෙන් ඔවුන් මුදවා
ගැනීමත්ය. තමන්ගේ එම මෙහෙයුම අතරතුරදී ඇයට බොහෝ ගැටලුවලට මුහුන දීමට සිදුවේ.
මෙම ක්‍රීඩාව
නිර්මාණය කිරීමේදී දක්නට ඇති විශේෂත්වයක් වෙන්නේ, ඉදිරි අනාගතයේ සිදුවේ යැයි
උපකල්පනය කරනු ලබන තාක්ෂණික උපාංග බොහෝමයක් න්ර්මාණය කර තිබීමයි. එහි ඇති සන්වේදන
ක්‍රම, වෛද්‍ය විද්‍යා වේ භාවිතා කරන යම් යම් උපක්‍රම සහ තාක්ෂණය, විශේෂ අධි
තාක්ෂණික ශල්‍යාලාර, රොබෝ තක්ෂණය ආදී බොහෝ අලුත් නිර්මාණ මෙහිදී පරිගණක ක්‍රීඩකයාට
දක්නට ලැබේ.
ආයෙත්
මේ වගේ පොස්ට් එකකින් හමබවෙමු.

0 comments :