මෙට්‍රෝ ලාස්ට් ලයිට් | Metro Last Light



න්‍යෂ්ටික සහ රසායනික පිපිරීමක් ඇති වෙයි. මෙම පිපිරීම වෙන්නේ වර්ෂ 2034 දීය. ඒ රුසියාවේ මොස්කව් නුවරදීය. එම න්‍යෂ්ටික පිපිරීම නිසා මුලු නගරයේම ජීවිත සහ දේපල විනාශ වෙයි. විකිරිණ සහ රසායනික වශයෙන් විශ වායුවලින් නගරය පිරී ගොසිනි. නගරයේ උමං මාර්ග පද්ධති යටත් මෙම විස පැතිරේ. විස කාන්දුව නිසා එතුළ සිටියවුන් මිය යති. ඉතිරි වෙන්නේ එක් අයෙකි. ඔහු සිය ජීවිතය බේරා ගන්නට වෙහෙහෙයි. මෙට්‍රෝ ලාස්ට් ලයිට් යනු මේ කාතාව පාදක කොට ගෙන නිමවා ඇති පරිගණක ක්‍රීඩාවකි.
              මෙම ක්‍රීඩාවෙදී පරිගණක ක්‍රීඩකයාට මෙහෙය වීමට ලැබෙන්නේ උමං මාර්ගය තුළ සිර වූ පුද්ගලයායි. මෙහිදී පරිගණක ක්‍රීඩකයාට පැවරෙන වගකීම වෙන්නේ හැකිතාක් ඉක්මනින් ඔහුට උමං මාර්ගයෙන් පිටවීමට හැකි මාර්ගය පෙන්වා දෙමින් ඔහු නිවැරදිව මෙහෙයවීමය.
              මෙම පුද්ගලයා ජීවිතය බේරා ගන්නේ ඔහු සතුව ගෑස් මුහුණු ආවරණයක් සහ ඔක්සිජන් ටැංකියක් තිබිම නිසාය. ඔහු සතුව ඇති ඔක්සිජන් ප්‍රමාණය අවසන් වීමට මත්තෙන් ඔහුට උමගින් පිටවීමට මාර්ගයක් සොයා දිය යුතුය. උමං පද්ධතිය තුළ කිසිදු ආලෝකයක් නැත. තිබෙන්නේ ඔහු සතුව ඇති විදුලි පන්දම පමණි. එය රැකගත යුතුය. එනිසා එය දැල්විය යුත්තේ අවශ්‍යම අවස්ථාවකදී පමණි. මේ නිසා හැකි සෑම විටම අදුරේ ගමන් කරමින් උමගින් පිටවීමට මගක් සොයා ගත යුතුය. උමං මාර්ගය තුළ ඇති සුන්බුන් අතරින් ගමන් කිරීමද පහසු කටයුත්තක් නොවේ. බුද්ධිමත්ව සහ ක්‍රියාශීලීව ඔහු මෙහෙයවා උමං පද්ධතියෙන් පිටතට ගන යාම, මෙම ක්‍රීඩාවයි.
              උමගින් පිටවිය හැකි විවරයක් සොයා ගෙන මේ පුද්ගලයා පිටත පරිසරයට ගෙන ආ විට තිබෙන්නේ සුන්බුන් නගරයකි. වායු ගෝලයේ ඇත්තේ අහිතකර වායු සහ විකිරණයි. දැන් මේ පුද්ගලයා මෙම දුෂ්කර පරිසරය තුළ මෙහෙයවිය යුතුය. ක්‍රීඩාවෙන් ඉදිරියට යා හැක්කේ ඒ ශූරකම අනුවය.
              මෙම පරිගණක ක්‍රීඩාවේදී ග්රැෆික් නිර්මාණ තාත්විකව නිර්මාණය කිරීමට නිර්මාණකරුවෝ සමත්ව සිටිති. උමං පද්ධතිය තුළ සහ ඉන් පිටත ඇති ගොඩනැගිලි සියල්ලක්ම පාහේ විනාශ වී තිබේ. එම විනාශ වූ ගොඩනැගිලි අතරින් ගමන් කරන දර්ශනවලදී හැගෙන්නේ සත්‍ය ලෙසම එවන් පරිසරයක සිටින බවකි.
              මෙහි දක්නට ඇති තවත් අපූරු ලක්ෂණයක් වෙන්නේ ඒ ඒ අවස්ථාවලට ගැළපෙන ආකාරයට ආලෝකය පරිපාලනය කොට යොදා තිබීමය. උමං මාර්ග පද්ධතිය තනිකරම කරුවල ප්‍රදේශයකි. එහි ඇති කිසිදු දෙයක් නොපෙනේ. යන්තම් අනුමාන කරමින් ගමන් කළ හැකිවා පමණි. ඕනෑම මොහොතක උමං පද්ධතිය තුළ ඕනෑම තැනකදී මේ පුද්ගලයා සතු විදුලි පන්දම ක්‍රීඩකයා විසින් දල්වන ලැබුවොත් ආලෝකය එල්ල වෙන ප්‍ර‍දේශය ඉතා තාත්විකව පෙනේ. එනම් මුලු උමගම අදුරේ තිබුණත් එහි කොතැනත් ස්වභාවය නිර්මාණය කොට තිබේ.
              මෙම ක්‍රීඩාවේ ශබ්ද පරිපාලනයද උසස්ය. බාහිරින් වෙනත් කිසිදු ශබ්දයක් නොඇසෙනවා වගේම උමගේදී ඇසෙන්නේ පියවර නගන හඩ පමණි. එහි ඇති සුන්බුන්වල ගැටෙන විට ඇතිවන ශබ්ද පවා ඉතා පැහැදිලිව ඇසේ.

මේ ලින්ක් එකට ගිහින් ගේම් එක ඩවුන්ලෝඩ් කර ගන්න.


1.76 GB

SHARE THIS POST

Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.

0 comments :