ඒජ් ඔෆ් වූෂූ
ඒජ් ඔෆ් වූෂූ පරිගණක ක්‍රීඩාව අමුතු ආරක් ගත් එකකි.
අදින් අවුරුදු 2000 කට කලින් චීනයේ තිබූ සටන් ක්‍රම සහ ඒවා ආශ්‍රිතව ගොඩ නැගුණු
සංස්කෘතික වටපිටාව පාදක කර ගෙන මෙම ක්‍රීඩාව නිර්මාණය කොට තිබේ. මෙහිදී පරිගණක ක්‍රීඩකයා,
චීන සටන් පාසලක සිසුවෙකි.
ක්‍රීඩාවේ
සටන් කලා පාසල් 8ක් තිබේ. මෙම පාසල්වල ඉගැන්වෙන්නේ එකිනෙකට වෙනස් සටන් ක්‍රමයි. ක්‍රීඩාව
ආරම්භයේදී එම පාසල් ගැන සහ ඒවායේ ඉගැන්වෙන දේ ගැන තොරතුරු ලබා දෙයි. මෙම ඇතැම්
සටන් කලා පාසල් කාන්තා පාසැල්ය. පරිගණග ක්‍රීඩකයාට ඉන් කැමති සටන් කලා පාසලක් තෝරා
ගෙන ඊට ඇතුළත් විය හැක.
පාසලෙන්
තමන්ට ලැබෙන ගුරුවරයෙක් යටතේ සටන් කලාව හැදෑරිය යුතුය. ගුරුවරයාට කීකරු වී ඔහු ලබා
දෙන ඉලක්ක දක්ෂ ලෙස සම්පූර්ණ කළ යුතුය. ඒ අනුව තමන් තෝරා ගන්නා සටන් කලා පාසලට
ආවේනික කතා තේමාවක් යටතේ ක්‍රීඩා කළ යුතුය. මෙම සටන් කලා පාසල් 8 තුළ ක්‍රියාත්මක
වෙන කතා තේමාද එකිනෙකට වෙනස්ය.
මෙහිදී
විනය, ඉවසීම, විමසිලිමත්බව, ඔත්තු බැලීම, කඩු, දුනු, යෂ්ටි ආදී චීන සටන් ක්‍රමවල
භාවිතා කරන විවිධ ආයුධ භාවිතා කිරීමේ ශිල්ප, ආත්මාරක්ෂක සටන් ක්‍රම යනාදිය මානා
ලෙස භාවිතා කළ යුතුය. පරිගණක ක්‍රීඩකයා සටන් කලා පාසලට ඇතුළුවූ තැන් සිටම
පුහුණුවීම, සටනේ යෙදීම ආදී සෑම අංගයකින්ම ලකුණු රැස් කර ගත යුතුය. තමන් අසාර්ථක
වෙන, පහරකෑම්වලට ලක්වන අවස්ථ අනුව තමන් එකතු කරගත් ලකුණු අහිමි වෙයි. එනිසා ඒවා
ගැන අවබෝධයෙන් ක්‍රීඩා කළ යුතුය.
මෙම
ක්‍රීඩාවේ ග්රැෆික් නිර්මාණය, අවුරුදු 2000 කට කලින් පැවති චීන අධිරාජ්‍යෙය්
පරිසරයට ගැළපෙන සේ කළ යුත්තකි. එය කෙතරම් හොදින් කර තිබෙනවාද යත්, කාලයත් සමග ක්‍රීඩකයාට
පැරණි චීන පරිසරය හුරු පුරුදු වෙයි. ඒ කාලයේ තිබූ ගොඩනැගිලි, ජන සමාජය, නගර ආදිය
පිළිබදවද හොද හුරුවක් නිරායාසයෙන්ම ලැබෙන සේ ක්‍රීඩාවේ ග්රැෆික් නිර්මාණය කොට
තිබේ. මෙහි චරිතාංග නිර්මාණය චිත්‍රපටියකටත් වඩා සියුම්ය. ඒ ඒ සටන් ශිල්ප ක්‍රමවලට
අනුව සියුම් මෙන්ම වේගවත් ප්‍රහාර, චලන ආදිය ඉතා සූක්ෂම ලෙස නිර්මාණය කර තිබීම
මෙහි ඇති විශේෂත්වයකි.
ග්රැෆික්
නිර්මාණයේ තාත්වික බව තව දුරටත් දියුණු මට්ටමකට ගෙන ඒමට ආලෝක සහ ශබ්ද පරිපාලනය ද
ඉවහල් වී තිබේ. මෙහි යොදා ගැනෙන සටන් ක්‍රමවලදී සෙවණැලි භාවිතයෙන් සටන් අධ්‍යයනය
කිරීම, පහර දීම යනාදී දේ කළ යුතු වෙයි. එවැනි අවස්ථාවලදී ආලෝක තත්වය මනාව පාලනය
කරමින්, එය ඉතා හොදින් ක්‍රීඩාවට එක් කිරීමට එහි නිර්මාපකයෝ සමත්ව සිටිති.
මෙම
චීන සටන් ක්‍රමවලදී මුවින් නගන හඩ සටන් අවියක් සේ යොදා ගැනේ. අනෙක් අතට සියුම්
ශබ්ද ඇසුරෙන් ඔත්තු බැලීමේ ක්‍රමය විශේෂයෙන් ප්‍රගුණ කරවයි. සතුරා නගන හඩින් ඔවුන්
හදුනා ගැනීමට සියුම් හඩ හොදින් ඇසෙන සේ ශබ්ද පරිපාලනය කළ යුතුය. එය මේ ක්‍රීඩාවේදී
හොදින් කර තිබේ.
7.21 GB
.jpg)

Superb......
ReplyDeleteThankzzzzzzzzzzz.............
Delete