ස්ක්‍රීන් එක කැප්චර් කරන්නේ කොහොමද ?


ඔයාල දැකල තියෙනව නේද ඔය යූ ටියුබ් එකේ එහෙම ඕන තරම් ගේම් ප්ලේ වීඩියෝස් තියෙනව. ඉතින් මම අද කියල දෙන්න යන්නෙ කොහොමද ඒ විදියට ස්ක්‍රීන් එක කැප්චර් කරන්නෙ කියල.
        
         මේකට අපිට ඕනෙ වෙනව පොඩි සොෆ්ට්වෙයාර් එකක් පොඩි කිව්වට ඉතින් පොඩිම නෑ මෙතනින් ගිහින් ඒ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කර ගන්න.
        දැන් ඒ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කර ගෙන ඕපන් කර ගන්න. එතකොට මෙන්න මේවගේ වින්ඩෝ එකක් ඕපන් වෙයි.
එතනින් Capture Screen කියන බටන් එක ඔබපුවාම හරි එතකොට ස්ක්‍රීන් එක කැප්චර් වෙනව.
        
         
             හැබැයි මෙහෙම ස්ක්‍රීන් එක කැප්චර් කරද්දි ඉතින් ඔයාලට ඔයාලගෙ සවුන්ඩ් එක රෙකොඩ් කර ගන්න ඕනෙ නම් මෙහෙම කරල හරියන්නෙ නෑ. එතකොට කරන්න ඕනෙ මේ  Capture Screen කියන බටන් එක ඔබපුවාම එන වින්ඩෝ එකෙන් use advanced settings කියන එක ක්ලික් කරන්න.
ඊට පස්සෙ එතනින් එන වින්ඩෝ එකෙන් Micro Phone capture එක Enable කරන්න.

       හැබැයි එහෙම එනේබල් කරන්නනම් මේ ezvid කියන සොෆ්ට්වෙයාර් එකේ වීඩියෝ එකක් ඕපන් කරල තියෙන්න ඕනෙ. එක වැඩිය ප්‍රශ්නයක් කර ගන්න එපා මෙයාල සොෆ්ට්වෙයාර් එකත් එක්ක වීඩියෝ දෙක තුනක් දීල තියෙනව ඒක සොෆ්ට්වෙයාර් එක ඕපන් කරද්දිම ඕපන් වෙනව.
මේකෙ තව ගොඩක් වැඩකෑලි තියෙනව මම ඔයාලට කිය දුන්නෙ මූලිකම දේ විතිරයි.
       එහෙනන් ආයෙත් හොද පෝස්ට් එකකින් හම්බවෙමු. ඔයාලට මොනවහරි ප්‍රශ්න තියෙනවනම් කමෙන්ට් එකක් දාල මට කියන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.

සැ.යු.
මෙහිදී ඇති සියලු ලින්ක්ස් ක්ලික් කිරීමේදී ඔබට නිවැරදි පිටුව නොපෙන්වයි. ඔබට ඒ ලැබෙන වෙබ් පිටුව තප්පර 5ක් පමණ විවෘතව තබාගෙන සිට ඉන් පසු දකුණු පස ඉහල කෙලවරෙහි ඇති Skip Ad නැමැති බොත්තම ක්ලික් කිරීමෙන් ඔබට නිවැරදි වෙබ් පිටුව ලබා ගත හැක.


SHARE THIS POST

Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.

2 comments :